IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ආයෝජන ගිවිසුම තුනෙන් දෙකෙන් සම්මතයි

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආයෝජන  අවස්ථා වැඩි කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යය අතර   අත්සන් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව   ගිවිසුම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9)තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය.

මේ අනුව යෝජනාවට  පක්ෂව ඡන්ද  263ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද කිසිවක්  හෝ  ලැබුණේ නැත. ජාතික ජන බලවේගය සහ සමග ජන බලවේගයෙ   මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව  මෙසේ ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යය අතර   අත්සන් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ගිවිසුම පිළිබඳ විවාදය ඊයේ  11.30 ට පමණ ආරම්භ විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍්‍ය  අතර පසුගිය පෙබරවාරි මස 12 වැනිදා අත්සන් කරනු ලැබූ එම ගිවිසුම මගින්  රටවල් දෙකේ සංස්ථාවල සමාගම්වල හෝ වෙනත් සංගම්වල ආයෝජන ශ්‍රී ලංකාවේදී ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂා කරන  බැවින් ගිවිසුම  ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් ලෙස අනුමත කළ යුතු යැයි  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  157  වැනි ව්‍යවස්ථාව ප්‍රකාර  මෙම පාර්ලිමේන්තුව  යෝජනා  සම්මත කරයි යනුවෙන් එම යෝජනාවේ සඳහන්විය.



අදහස් (0)

ආයෝජන ගිවිසුම තුනෙන් දෙකෙන් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site