IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


ආබාධිත සිසුන්ට සුභ ආරංචියක්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ගුරු  හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කළ යුතු බව  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය  ප්‍රකාශ කළාය.

මෙම ගැටලුව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින්  අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මාරුවීම් ප්‍රතික්ෂේප කිරීම දිගු කලක් තිස්සේ පැවති පුරුද්දක් බවයි. රාජ්‍ය සේවයේ මාරුවීම්වලට අනුගත නොවන එකම අංශය එය බවද  ඇය කීවාය. එවැනි මාරුවීම්වලට අනුගත නොවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන්  ගනු ලබන පියවර පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා විය.

අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ඇයගේ  සභාපතිත්වයෙන්  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා විය. ඒ අනුව, ලබන අධ්‍යයන වර්ෂයේ සිට, සියලුම විෂයයන් සඳහා කෝටා ක්‍රමයක් මත පදනම්ව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරේ.ආබාධ සහිත සිසුන්ට  කුසලතා මත පදනම් වූ දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් මඟින්  විශ්ව විද්‍යාල ප්‍රවේශය  ලබාදීමට නියමිතය.



අදහස් (0)

ආබාධිත සිසුන්ට සුභ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32810 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15406 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10002 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 172 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 475 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1399 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site