(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ වර්ග 113න් ඖෂධ වර්ග 43ක් මෙරට නිෂ්පාදනය බවත් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරනවා යැයි පොරොන්දු ආණ්ඩුව කටයුතු කරන ආකාරය පුදුමසහගත බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (10) පැවසීය.
නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.
ඖෂධවල ගුණාත්මකභාවය පිළිබද විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී මතු විය හැකි බවත් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න, ආනයන අඩු කරන්න සහ අපනයනාභිමුඛ ආර්ථිකයක් හදන්න මැතිවරණයේදී පොරොන්දු වුනු ජාතික ජන බලවේගය ආණ්ඩුව වර්තමානයේ හැසිරෙන ආකාරය ප්‍රශ්න සහගත බවත් ඒ මහතා කීය.
තවත් ටික දිනකින් ලොකු ඖෂධ හිඟයක් තියෙනවා, ලියාපදිංචිය ප්‍රමාදයි, යැයි පවසමින් ලියාපදිංචිය අත්හැරීමේ ඩබ්ලිව්ඕආර් ලිපි හරහා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මෙන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද හදිසි මිලදීගැනීම් කළත් පුදුම නොවිය යුතු බවත් වර්තමාන ආණ්ඩුව පොරොන්දු වුනු සිස්ටම් චේන්ජ් එක මේකදැයි ප්‍රශ්න කරන බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
විදේශීය රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 113න් ඖෂධ 43ක් මෙරට නිෂ්පාදනය කර වසරකින් එම සමාගම්වලට අවශ්‍ය ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබාදිය යුතු වුවද එය නිකුත් කිරීම වසර 4කටත් වැඩි කාලයක් ප්‍රමාද කර තිබෙන බව කී පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ මෙරට ලියාපදිංචි නැති ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ආනයනය කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ 43ක් දේශීය නිෂ්පාදන
පන්සිළු Thursday, 10 July 2025 05:47 PM
මේ කතාව ඇත්ත නම් ඒ තමයි මේ ආණ්ඩුවේ පුනරුදය. ගහන ගැහලි කවුරු කළත් දවසක එළියට එනවා .
Nalaka Thursday, 10 July 2025 07:53 PM
පෙරටුගාමීන් මල්ටි ප්ලග් වගේද දන් නැහැ ...
ගුණරත්න Thursday, 10 July 2025 08:03 PM
අර සීනි බදු වංචාව ගැන වැඩියෙන්ම කතා කළ ඔවුන් දැන් කියනවා කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. මේවා සැකකටයුතු නොවේද? හොයා බලන්න තියෙන්නේ සීනි බදු හොරා පැලවත්තට පගාව දුන්නාද කියලා...