
(බී. ජී. චතුරංග)
අනුරාධපුර පාදෙනිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ, තලාව මොරගොඩ සුනාමි හන්දිය ආසන්නයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්වූ බව තලාව පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, අනුරාධපුර, නාච්චාදූව පාර තුරුවිල පදිංචිව සිටි ඒ.ඩී. රුචිර දිල්ෂාන් (107837) නැමැති 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
මරණකරු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිරයන අවස්ථාවේදී, සමස්ත ආධුනික පොලිස් රියදුරන් 74 දෙනෙකු අතුරින්, දක්ෂතම රියදුරා ලෙස සම්මාන හා කුසලානය දිනා ගැනීමට සමත් වූ දක්ෂ නිලධාරියකු බවද පොලිසිය සදහන් කලේය.
නිවාඩුවක් සඳහා සිය නිවසට පැමිණ සිටි රුචිර දිල්ෂාන් මහතා, තම පෙම්වතිය සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සැනකෙළියක් නැරඹීමට ගොස්, තඹුත්තේගම පිහිටි ඇයගේ නිවසට ඇරලවා, යළි හිදෝගම බලා යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක් වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කොස්තාපල්වරයාගේ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද කැබ්කාරයාගේ වගේ. මේ නිලධාරියාට ඇස්වහ කටවහ වැදිලා...