IMG-LOGO

ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ

(යොහාන් භාසුර)

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (14) පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා රජය ස්මාරකයට මේ දක්වා කිසිඳු විරෝධයක් දක්වා නොමැති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරිය හෝ විදේශ අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩු බලය සඳහා ඇති කෑදරකම නිසා, අදාළ ප්‍රජාවේ සහාය තවදුරටත් ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව මුනිවත රැකීමට කටයුතු කරන බව කී එදිරිමාන්න මහතා පැවසුවේ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුව නොමැති බවට ප්‍රකාශ කර ඇති පසුබිමක, දෙමළ ජාතික ජන සංහාරය පිළිබඳ මතවාදය යළි කැනඩා සමාජය තුළ මතුවීම හා වත්මන් ආණ්ඩුව බලයට පත්වීම අතර සම්බන්ධතාවක් පවතින බව සඳහන් කළේය.

ජනාධිපති මැතිවරණ කාලයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා ගැනීමට 2024 වසරේ කැනඩාවට ගිය පසු මෙම එල්.ටී.ටී.ඊ සමරු ස්මාරකය නිර්මාණය කළ පිරිස සමඟ ළඟින්ම කටයුතු කළ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සදඟන් කළේය. 



අදහස් (5)

ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Wednesday, 14 May 2025 04:19 PM

දේශපාලන පෞරුෂය තිබුණ අය ලංකාවෙම පෞරුෂය නැතිකරල බංකොළොත් කරල හිඟමනට දාල ගියා කියන්න අමතක වෙන්න ඇති.

:       7       37

Rama Wednesday, 14 May 2025 04:34 PM

පෞරුෂයක් නෑ විතරක් නෙමෙයි අනුර කුමාර ජනාධිපති මැතිවරණයට ඉල්ලන්න කලින් කැනඩාවේ සහ එංගලන්තයේ ගිහින් ඒ රටවල ඉන්න දෙමළ ජනයාට ඉර හඳ සහ ඉල්ලන දෙයක් දෙන්න පොරොන්දු දීලා ආවේ. මතකද ඒ ගැන නිව්ස් පෙන්නපු හැටි. ඒ අනුහසින් තමයි උතුර නැගෙනහිර ඇතුළුව ද්‍රවිඩ ඡන්ද ටික ඔවුන්ගේ ජාතික පක්ෂවලට පවා නොලැබී ගිහින් ජේවීපී එකට ලැබුණේ. කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කිව්වාලු. මාලිමාව කියලා නම මාරුකරා කියලා ජේවීපී ගති වෙනස් වෙන්නෙත් නැහැ. 1980 ගනන්වල ඔවුන් කොටි සංවිධානයට සහාය දීම සඳහා අපේ හමුදාවේ සාමාජිකයන්ට තර්ජනය කරා දකුණේ ඉන්න හමුදා සේවයේ අයගේ පවුල්වල සාමාජිකයන් මරනවා කියලා උතුරේ හමුදා සේවයේ යෙදුණොත්. එහෙම මරපු අවස්ථාත් තිබුණා. ඒ නිසා දැන් ඔය වෙස් මුහුණු ගලවලා ඉන්නේ කියලා හිතාගන්න.

:       33       11

Asela Wednesday, 14 May 2025 04:45 PM

කදිරගාමර්, මහින්ද සමරසිංහ, Ali Subry, ආදීන්ගේ වැදගත්කම මට මතක් වෙන්නේ මේකෙන්. වැඩක් නැති කොණ්ඩා කපන්නෙක් දැක්කම එළුවා රැවුල අල්ලනවා කියලා කියමනක් තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික හෝ උපායශීලී නොවන, තමන් ඉන්න තැන කියන්න බැරි වැඩකට නැති දේශපාලනඥයන්ගෙන් ආණ්ඩුව පිරී තියෙනවා. යුද්ධය දිනන්න නායකත්වය දෙන්න මහින්දට පුළුවන් වීම අපිට වාසනාවක්.

:       32       14

Jay Wednesday, 14 May 2025 06:39 PM

ඔයාලාට ඡන්ද නැහැ... 2.5%

:       0       2

අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 06:57 PM

දේශපාලන බුද්ධියක් නැති හාදයෝ තැන් තැන්වල ගහන කයිවාරු වලට හුරේ දාන්නෙත් ඒ වගේම අය බව අපි දන්නවා. ඒ වගේම මේ සෙට් එකට පෞරුෂය තිබුණේ හොරා කන්නයි හිඟා කන්නයි විතරයි කියලත් රටම දන්නවා. බැසිල්ගේ ඔඩොක්කු කුක්කෝ අද අනාථ වෙලා... කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියලා නොදැන...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 565 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 397 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 510 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 804 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1758 2

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 381 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1416 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1615 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 422 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site