(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීමද ලොකු අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුකාර ධූරයන් සඳහා වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල් සහගත තත්වය ඇතිවී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නැගෙනහිර පළාත සඳහා ආණ්ඩුකාරවරයා පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන්
නොවීමසා කටයුතු නොකරන ලෙස හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඇතුළු පළාතේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රජයට දැනටමත් දැනුම්දී ඇතැයි වාර්තා වේ.
නැගෙනහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8කි.
හිටපු අමාත්‍ය දයා ගමගේ, ජෝන් අමරතුංග නවීන් දිසානායක සහ වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමෙල් සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ( එක්සත් ජාතික පක්ෂයේ) ආණ්ඩුකාර ධූර සඳහා යෝජනාවී සිටිති.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් පත් කෙරුණු ආණ්ඩුකාර වරුන් තිදෙනකුට එම ආණ්ඩුකාර ධුරයන් හි ඉදිරියටද කටයුතු කිරීමට අවස්ථාව සලසන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුකාර ධුරයන් හි තවදුරටත් කටයුතු කිරීමට මෙලෙස අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා ඇති පුද්ගලයන් වන්නේ ලලිත් යූ ගමගේ, විලී ගමගේ සහ එම්. ජේ මූසම්මිල් යන මහත්වරුන්ය.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුකාරවරුන් පත් කිරීමට එජාප පොහොට්ටු සීතල යුද්ධයක්
siminda Wednesday, 17 August 2022 05:53 AM
මෙම ආණ්ඩුකාර වරුන් අතරින් පලාතට දැනෙන යමක් කළ අයෙකු වුයේ අනුරාධා යහම්පත් මහත්මිය පමණි. පළාතේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ විරෝධය මධ්‍යයේ වුවද ඇය සිදුකළ මෙහෙය ප්‍රශංසනීය වේ. දැන් හදන්නේ එවැනි අය ඉවත්කර අලි චෞරයන් පිරිසක් පත් කිරීමටද?
Bamunuarachchi Wednesday, 17 August 2022 06:45 AM
කොහොමද සර්ව පාක්ෂික එකතුවෙනවා කිව්වේ තනතුරුවලට නොවෙයි කියලා සජියා කිව්වා මතකද? දැන් රටට හෝගාලා ඩොලර් ඒවිද? දැන් අරගලකාරයින්ගේ බොටුව මිරිකන්න හිතෙන්නේ නැද්ද? අරගලකාරයින්ට දැන් සැපද?
fairoosWednesday, 17 August 2022 12:13 PM
අනේ බමුන ලැජ්ජ නැද්ද මෙහම අදහස් ලියන්ඩ..ඊට වඩා හොද නැද්ද ............. ......
BamunuarachchiWednesday, 17 August 2022 08:33 PM
ඔහෙලගේ ගෙදර එන එකද? ඔහේ කැමැති නම් නවතින්නම එන්නම්... ඇඳේ පැත්තක් මටත් ලබේවිනේ නේද මචන්..?
Pradeep Wednesday, 17 August 2022 06:50 AM
Shame , These idiots still do not care about grave issues in the country.
දාස Wednesday, 17 August 2022 09:09 AM
මුන්ට රටට හෙන ගැහුවත් කමක් නෑ , මුන්ට ඔනෙ සැප ගන්න.134 හොරු රැලේ අදිපතිට හොද පාඩම.
siri Wednesday, 17 August 2022 09:15 AM
69 ලක්ෂයක ජනතා අපේක්ෂාව එකඳු ආසනයක්වත් දිනාගන්න බැරිවුණු කෙනෙකුට පාවාදීමේ ප්‍රතිඵල නේද? මේ පොහොට්ටුවෙන් යෝජනා කරපු කෙනා පැරැද්දුවා.
Prabha Wednesday, 17 August 2022 11:30 AM
රනිල් කියන්නේ පොහොට්ටුවේ සිහින නායකයානේ.. දැන් ඉතින් සිහින බලබලා ඉන්න.
විපරමා Wednesday, 17 August 2022 01:34 PM
ලංකාව වගේ රටකට තවත් මොකටද ආණ්ඩුකාරවරු...? හිටපු අයගෙන් හරියට වැඩක් කරපු කෙනෙක් ඉන්නවද? වරප්‍රසාද භුක්ති විඳගෙන හිටපු එකනේ සිද්ද වුනේ...
Sunil Wednesday, 17 August 2022 03:38 PM
මේ දුෂ්කර අවස්තාවේදී මුන්ට ඕනේ රට ගොඩ ගැනීම නොවේ .තනතුරු ලබා ගැනීමයි