(අංජුල මහික වීරරත්න)
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
මෙලෙස රුපියල් 11,296,461,250 (එකලොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එක්දහස් දෙසිය පනහ ) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 (දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක) ක් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය.
අදාල ප්‍රතිලාභින්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභි මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අස්වැසුම සල්ලි හෙට ගිණුම් වලට
රොමියෙල් Wednesday, 23 July 2025 11:08 AM
මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙන් උහුලන්න බැරි බද්දක් කපාගෙන නිකං ඉඳන් පිනට ගිලින කම්මැලියන්ට අස්වැසුම දෙනවා.
ගුණරත්න Wednesday, 23 July 2025 11:22 AM
මිනිස්සුන්ට නිකම්ම සල්ලි දෙන්න හොඳ නැහැ, ඒවාට ඇබ්බැහි වෙලා නිකම්ම ඉන්නවා, වැඩක් කරලා සල්ලි හොයන මිනිස්සුත් අධෛර්යමත් වෙනවා. මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරන්න ඕන යටිතල පහසුකම් හදන්න, ආරක්ෂාව, රෝහල් සහ අධ්‍යාපනයට. එහෙම නැතිව නිකම් බෙදල දෙන්න නෙවෙයි. මාසෙකට බිලියන 11ක් කියන්නේ සුළු මුදලක් නෙවෙයි, ආණ්ඩුව වංචාවක් වුනේ නැහැ කියල කර ඇරපු සීනි බදු වන්චාවත් බිලියන 1.5යි. පහුගියදාක හිරේ ගිය ලොකුම බදු වංචාකාරයා හොරකම් කලෙත් බිලියන 3යි