(අංජුල මහික වීරරත්න)
සුවහසක් ගිහි පැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට ආනමඩුවේ ධම්මදස්සී අස්ගිරි අනුනාහිමියන් කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂ නායකවරයා මෙසේද කියයි.
ආනමඩුවේ ධම්මදස්සී අස්ගිරි අනු නාහිමියන්ගේ අපවත්වීම අසා මා දැඩි සේ සංවේගයට පත්වූවෙමි.
දිවිගමනේ 18 වසර සම්පූර්ණ වීමට ආසන්න වීමත් සමඟම සම්බුදු සසුනේ පැවිදිව අරහත් ධජය දරමින් 39 වසරකට අධික කාලයක් මුළුල්ලේ තම පැවිදි ජීවිතය අර්ථසම්පන්නව කැපකළ අතර, කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක නායකත්වය උසුලමින් ද දහම් පාසල් අධ්‍යාපනය පෝෂණය කරමින් ද අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිචාර්ය ධූරය උසුලමින් ද සම්බුදු සසුනේ අභිවෘද්ධියට මෙන්ම සුවහසක් ගිහිපැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට කටයුතු කිරීම මේ මොහෝතේ ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි.
එමෙන්ම ශ්‍රී ලංකාදීපය පුරා පොදු ජනතාව සුමගට යොමු කරමින් ජාතික සහ ශාසනික අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී නායකත්වයක් සලසන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරය දරමින් දශකයකට ආසන්න කාලයක් සිදුකරන්නට යෙදුනා වූ සේවාව අනභිබවනීයයි.
අනුබුදු මිහිදු මාහිමි ආගමනයෙන් බෞද්ධ රාජ්‍යයක් බවට පත් ලක් බුදු සසුනඹර යුග යුග එකළු කළ මහතෙර මිණිතරු පහන් වැටට එක්වූ නවමු තරු පහනක්ව දිදුලමින් සිය දැනුමෙන් සුවහසක් ගිහි පැවිදි නෙත් පහන් දැල්වූ අප අනුනායක ස්වාමීන්වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අස්ගිරි අනු නා හිමි ගිහි පැවදි දෙපිරිසම දහමින් පෝෂණය කළා