(ජේ. ඒ. එල්. ජයසිංහ)
මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය අනන්‍යතාවය හෙළිනොකර සිය මෝටර් රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුල්වීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරින් අවසර නොදීම නිසා රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා තමන් කවුද දැයි හඳුනන්නේ නැද්දැයි රෝහලේ ආරක්ෂක නිලධාරින්ගෙන් විමසූ විට ආරක්ෂක නිලධාරින් මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවසීම නිසා රෝහල් පොලීසීයේ නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබේ.
කෙසේ වෙතත් පොලිස් නිලධාරින් ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ බව රෝහල් සේවකයෝ සහ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීහු පැවසූහ.
මෙම තරුණ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු බවට හඳුනා ගැනීම සඳහා රාජ්‍ය ලාංඡනය හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශණය නොකිරීම නිසා රෝහලේ ආරක්ෂක නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට ද මන්ත්‍රීවරයා හඳුනා ගැනීම අපහසු වී තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අලුත් මන්ත්‍රී හඳුනන්න බැරිව රෝහල් පාරේ කලබලයක්