IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


අල්ලස් ඉල්ලූ රංගන ශිල්පියා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිලි විභාග වන බවට අඟවා  එම විමර්ශනයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග නොගෙන පැමිණිලි ගොනු වසා දැමීමට අකුරේගොඩ ගුවන් හමුදා කදවුරේ නිලධාරියෙකුගෙන් හා  මතුගම ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පතිනියකගෙන් අල්ලස් ඉල්ලා සිටියේ යැයිි කියන දොඩම්ගොඩ ප්‍රදේශයේ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා   ලක්මාලී ජයතුංග  මහත්මිය අද(25) නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විනෝද් තරංග නමැති රංගන ශිල්පියකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .

අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල භාවිතා කිරිමින් සිදුකරන කටයුත්තක් කරවාදීම සඳහා මෙසේ අල්ලස් මුදල් ඉල්ලා බැංකු ගිණුමක් වෙත  බැර කරන  ලෙස දන්වා ඇති බවය.

පැමිණිලිකරුවන් දෙදෙනාට රුපියල් 30 000.00 බැගින් බැංකු ගිණුම් වෙත බැර කිරීමට දැනුම් දී ඇති බවත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සැකකරුව කටුකුරුද්ද මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.


 

 



අදහස් (0)

අල්ලස් ඉල්ලූ රංගන ශිල්පියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 95 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 341 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site