IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු  මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් බව බදුල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ ආණ්ඩුව බල්ලො වලේ දාන්න මිලියන සීයක් වෙන් කරලා තියෙනවා.හැබැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ට ප්‍රශ්න තියෙනවා.ඔවුන්ගේ දීමනාව රුපියල් 3000ක් වත් කරන්න.අපේ වගේ දුෂ්කර පළාත් වලට මේ ප්‍රශ්නය තදින්ම බලපානවා.

වැල්ලවායේ මහේස්ත්‍රාත්තුමා අයින් කළේ කොහොමද?පාස්පෝට් එකක් නිදහස් කළා කියලා ඔහු ඉවත් කර තියෙනවා.අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු හිටපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් වෙලා.ඒ අධ්‍යක්ෂ ජනරාල්ට එක නීතියක්, වැල්ලවාය  මහේස්ත්‍රාත්ට එක නීතියක්.දැන් නඩුකාරවරුන්ටත් බයෙන් ඉන්න සිද්ධ වෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී

ජිල්බු Monday, 17 November 2025 03:30 PM

ඕක මොකක්ද මෝඩ වැඩේ හොරු ඇමැතිලා වෙන රටේ...

:       1       8

විපරමා Monday, 17 November 2025 04:23 PM

හිටපු පින් ජනපතියා කරපුවා දැනගෙන මෙච්චර කල් නිකම් හිටියේ ඇයි?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 18 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site