
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකීමට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය විජිත හේරත් සහ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අර්චුනා ගැන කමිටු වාර්තාව ආචාර කාරක සභාවට
Mohottla Friday, 21 February 2025 11:29 AM
උගතුන්ට නූගතුන්ට වෙනසක් නැතුව ජනතා මනාපයක් තිබේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වගේම උගතුන් බුද්ධිමතුන් පාලනය කිරීමේ වගකීම් ලැබෙන ඇමැති මණ්ඩලයේ ඇමැතියෙක් වීමට ලංකාවේ අයට වාසනාව තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ අවුරුදු 25 ක් තිහක් පළපුරුදු අයෙකුට වුනත් පුම්බන්න තරම් සමාන තනතුරකට අද පත්වීමක් ගත් අපි තමයි සියල්ලම දන්නා අය කියාගන්නා පිරිසකට පුලුවන් කමක් පවතින විධිවිධාන අනුව දකින්නට ලැබෙනවා මෙහෙම වෙන්නේ උගත්කම තිබුණාට ආකල්ප හා කුසලතා වර්ධනය සදහා අවශ්‍ය පුහුනුවක් නොදීම නිසා තමයි මෙවර පුහුණුවක් දුන්නා නම් දුන්නෙ කිසිදාක පාර්ලිමේන්තුවේත් නොසිටි සමහරක් පිරිස් නිසාද මෙහෙම වෙනවා ඇත්තටම පාර්ලිමේන්තුවේ නැතත් එහි දිගුකලක් කටයුතු කර පළපුරුද්ද තියෙන අයගෙන් නිසි පුහුණුවක් දුන්නා නම් මෙහෙම තත්වයක් ඇතිවෙන්නෙ නැහැ
සීයා Friday, 21 February 2025 12:43 PM
ප්‍රජාතන්ත්‍රවාදය මිනිසා විසින් මිනිසා උදෙසා ඇති කරන ලද්දකි. ඒ අනුව පුරවැසි හිමිකම් ඇති අයෙකුට ඡන්දය ඉල්ලීමට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමටද උගත්, නූගත්, බුද්ධිමත්, අබුද්ධිමත්, පරාර්ථකාමී, ආත්මාර්ථකාමී, සුදන, දුදන ආදී සෑම අයකුටම බේදයකින් තොරව අයිතිය තිබෙනවා. එබැවින් ඡන්ද දායකයාගේ දැනුම, බුද්ධිය සහ චින්තන රටාව මෙන්ම ආකල්පමය සංවර්ධනය තුළින් පමණක් ඉදිරිපත් වූවන් අතරින් යහපත් පාලකයන් තෝරා ගතහැකි වේවි...!
පොඩිඑකා Friday, 21 February 2025 12:51 PM
පළවෙනි කොමෙන්ට් දෙක කියෝලා මට නිකං මඤ්ඤං වගේ…, හරියට අර පුතාණෝගේ ජපන් වගේ….!