IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන්  චෝදනාවක් ඉදිරිපත්වී ඇත.අප පක්ෂය කිසි විටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.

එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාල පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්වය හෙලිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.



අදහස් (9)

අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට

Pradeep Kumara Saturday, 06 September 2025 02:16 PM

බොරු නාඩගම් එපා මහත්තයෝ.. ඔයාලා බබාලා, කලින් මොනවත්ම දැනගෙන හිටියේ නෑ.

:       3       42

උකුස්සා Saturday, 06 September 2025 02:27 PM

ඕකත් ඉතින් අහන්න දෙයක්යෑ... ගෑවෙන හැම තක්කඩි පිටිපස්සේ කොණ පොහොට්ටුවේ කෙනෙක්...

:       3       45

Lansa Saturday, 06 September 2025 02:47 PM

ඉස්සර නම් මහින්ද මහත්තයා මාව බදාගෙන, අල්ලන්න ආපු අයව එළෙව්වා...

:       3       37

ජයනාත් Saturday, 06 September 2025 02:49 PM

තහනම් වෙන්නේ ලියුමටනේ. සම්බන්ධතාවන් පෙරටත් වඩා සව්මත් නේද..?

:       2       35

ravin Saturday, 06 September 2025 02:54 PM

එනපොට හොද නැහැ... කෙල්ල ගෙට ගනින් කිව්වලු...

:       2       25

[email protected] Saturday, 06 September 2025 02:57 PM

අඩේ අප්පා ඔහොම අස්කරන්න ගියොත් ඉතින් මේ අවුරුද්ද අවසානයේදී පොහොට්ටුවක් ඉතුරු වෙන්නේ නෑ...

:       1       37

විපරමා Saturday, 06 September 2025 03:12 PM

එහෙම බැලුවොත් පක්සයේ නායකයා ඉදලා ඉන්නෙම දූෂිතයෝ?

:       1       20

Hafeel Saturday, 06 September 2025 03:55 PM

ඔයාලා මීට කළින් දන්​නේ නැහැ වගේ. අද මෙයා මෙහෙම කිව්වට, හෙට නාමල් කියාවි මේක දේශපාලන පළිගැනීමක් කියලා.

:       1       15

Lakmal Saturday, 06 September 2025 04:24 PM

ඔක්කෝමලා අස් කරන්න වෙයි. පොහොට්ටුව කියන්න හොරුන් මැරයින් කුඩ්ඩන් වෙනුවෙන් පිහිටවපු බැසිල්ගේ පක්ෂයනේ...

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16918 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site