IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අය්.එම්.එෆ්. මීළඟ වාරිකය ගැන 15 තීරණය ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා විධායක කමිටුව එළැඹෙන 15 වැනිදා රැස්වීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.

පස්වැනි සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, කාර්ය මණ්ඩල එකඟතාවයකට පසුගිය ඔක්තෝබර් මාසය මුලදී එළැඹියේය. ඒ සඳහා පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කර සිටියේ එක් පූර්ව ක්‍රියාවක් සම්පූර්ණ කිරීමෙන් පසුව පස්වැනි සමාලෝචනය විධායක කමිටුවේ අනුමැතිය සඳහා යොමු කරනු ඇති බවත් ලබන වසරේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසි වලට අනුව සකස් කිරීම එම පූර්ව ක්‍රියාව බවත්ය.

එහිදී ලබන වසරේ අයවැයේ කරුණු කීපයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කරනු ඇති බවත් ඒ අතර රජයේ වියදම, ප්‍රථමික ගිණුමේ අතිරික්තය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ තිබෙන බවත් ඔහු පැවැසුවේය.

ඉන් පසුව අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2026 අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් වී ඇත්දැයි ඇස්තමේන්තු කිරීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අයවැය ලියකියවිලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමාලෝචනය කරමින් සිටින බවය.එම ඇස්තමේන්තුව පස්වැනි සමාලෝචනයේ වැදගත් කොටසක් වනු ඇතැයිද ඇය පැවැසුවාය.

ලබන වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී අවසන් බැවින් ඒ අනුව එළැඹෙන 15 වැනිදා පස්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කර අනුමැතිය ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිතය.

පස්වැනි සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලැබුණු පසු ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 347 ක මුදලක් සයවැනි වාරිකය ලෙස ලැබෙනු ඇති අතර ඒ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නිදහස් කර ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා යනු ඇත.

 



අදහස් (0)

අය්.එම්.එෆ්. මීළඟ වාරිකය ගැන 15 තීරණය ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 180 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site