( ජේ.කේ.එල් චාමින්ද)
තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
තංගල්ල නගර සභාවේ සභාපතිවරයා විසින් 2021 වර්ෂය සදහා වු අයවැය ලේඛණය ඉදිරිපත් කිරිමේ දි නගරසභා අඥාපනත හා උප නිති උල්ලංඝණය කොට ඇති බවට අනාවරණය වි ඇති හෙයින් මෙම නියෝගය කර තිබේ.
සභාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාගේ නියෝගය අනුව කටයුතු නොකළහොත් පළාත් පාලන පනතේ 184 වගන්තිය අනුව විනයානුකුලව කටයුතු කිරිමට කටයුතු කරණ බවද ආණ්ඩුකාරවරයා විසින් සභාපතිවරයාට ලිඛිතව දන්වා ඇත.
තංගල්ල නගර සභාපති රවිදු දිල්ෂාන්වෙදආරච්චි මහතා විසින් 2021 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සදහා මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිම පරිදි ඡන්දවිමසිමක් ලබානොදිම පිළිබද ආණුඩුකාරවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ පිළිබද මුලිකවිමර්ශනයක් කොට මෙම නියෝගය නිකුත් කොට ඇත.
නගර සභා ආඥාපනත හා සභාවේ උප නිති යටතේ නැවත අයවැය ලේඛනය තංගල්ල නගර සභාව වෙත ඉදිරිපත්කොට මෙම මස 31 වැනිදිනට පෙර විදිමත් අයුරින් සම්මත කරගන්නා ලෙස සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.නගර සභාවේ සභාපතිවරයා විසින් නගරසභා අඥාපනත හා උප නිති උල්ලංඝණය කොට සැලසුම්සහගත ලෙස අයවැය සදහා ඡන්දයක් ලබානොදි මගහැරගොස් ඇති බව මුලික විමර්ශනයේ දි අනාවරණය වි ඇති බවද ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයවැය ලේඛනය යළි සභාගත කරන්න ආණ්ඩුකාරවරයා නියෝග කරයි