
(අංජුල මහික වීරරත්න)
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අහිමි වීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම සැලකිල්ලට ගනිමින්, ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය අද (6) සිට ජූලි 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී හෙට පෙරවරු 11 ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී. සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද අනතුරු මගින් ඇතිවන බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම ජාතික වැඩසටහනේදී සෑම දිනයක්ම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd