(සුජිත් හේවාජුලිගේ)
අපි වෙනුවෙන් අපි අරමුදල නිවාස ආධාර පිරිනැමීමට 2020- 21 වර්ෂවලදී ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ක්‍රියාන්විත රාජකාරියන්හිදී මියගිය, පූර්ණ ආබාධිත හෝ අර්ධ වශයෙන් ආබාධිත පාර්ශවවලට ප්‍රමුඛතාව ලැබී නොමැති බව එම අරමුදල සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.
නිවාස ආධාර ලබාදීමේදී වැඩි අවධානය යොමු කර ඇත්තේ සේවයේ නියුතු පුද්ගලයන් වෙත බව නිරීක්ෂණයවී යැයිද එම වාර්තාව සඳහන් කරයි.
2010 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වසර දහතුනක කාලයේදී ප්‍රතිලාභ හිමි ලැයිස්තු පරීක්ෂාවේදී ප්‍රතිලාභ ලබාදී තිබුණු අවස්ථා 3080 ක් අතරින් සියයට 71 ක් එනම් අවස්ථා 2195ක් ලබාදී තිබුණේ සේවයේ නියුතු කාණ්ඩ වෙත බව විගණන අංශ පවසයි.
ප්‍රතිලාභවලින් සියයට 29ක් එනම් අවස්ථා 85ක් පමණක් ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය හෝ ආබාධිත වූ රණවිරු කාණ්ඩවලට වෙන්කර තිබූ බව පවසන එම වාර්තාව 2020 වර්ෂයේ දී යුද හමුදා සාමාජිකයන් පනහක් සඳහා අර්ධ නිවාස අාධාර පිරිනමා තිබුණත් ඉහළ ප්‍රමුඛතාව සහිත නිර්දේශිත පුද්ගලයන් 315ක් අතුරින් ඊට තෝරාගෙන තිබුණේ පහක් පමණක් බව සඳහන් කරයි.
තවද ශ්‍රී ලංකා යුද හමුදාව 2021 වර්ෂයේ අර්ධ නිවාස ප්‍රතිලාභ ලබාදීමේදී ක්‍රියාන්විතවලදී මියගිය හෝ ආබාධිත බවට පත්වූ රණවිරුවන් 187ක් අතුරින් 17 දෙනකුට පමණක් ප්‍රතිලාභ ලබාදී තිබියදී දැනට සේවයේ නිරත 76ක් අතුරින් 67 දෙනෙකුටම ප්‍රතිලාභ ලබාදී තිබූ බව පෙනී ගොස් ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.
අපි වෙනුවෙන් අපි අරමුදලේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ මෙම විශේෂ විගණන වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අපි වෙනුවෙන් අපි අරමුදල මියගිය ආබාධිත රණවිරුවන් අමතක කරලා
රුවන් Thursday, 12 June 2025 02:39 PM
දිලිත් ජයවීර කෝටිපතියෙක් වුන දැවැන්ත වැඩසටහන. ඉතා කුඩාවට දැන්වීම් ඒජන්සියක් කරපු දිලිත් අපි වෙනුවෙන් අපි ප්‍රචාරක වැඩසටහන භාරගෙන වසරෙන් දෙරණ ආයතන දැම්මේ කොහොමද?