(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත විය.

රෝහල වෙත පැමිණි අමාත්‍යවරයා තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදු කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.