IMG-LOGO

අධ්‍යාපනයේ වෙනස්කම් ගැන අධීක්ෂණ කාරක සභා අවධානය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම  පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. 

 එම කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස් විය. 

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන සේවා කොමිෂන් සභාවේ නියෝජිතයෝ , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු  අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහභාගී වූහ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම සකස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීහු  කාරක සභාවට  දීර්ඝ  ලෙස  කරුණු පැහැදිලි කළ අතර ඒ සඳහා අතීතයේ ගත් පියවර ද ඔවුහු  ඉදිරිපත් කළහ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා කාරක සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කාරක සභා සභාපතිවරයා කීය.

 



අදහස් (2)

අධ්‍යාපනයේ වෙනස්කම් ගැන අධීක්ෂණ කාරක සභා අවධානය

අරවින්ද මොණරවිල Monday, 28 July 2025 02:38 PM

මොනවා වුණත් තමන් ගුරුවරියක් වෙලත් මොන්ටිසෝරි ළදැරියක් වගේ හැසිරෙන රෝහිනීට වැඩිය හේෂා හොඳයි වගේ අධ්‍යාපන අධීක්ෂණය කාරක සභාවට...!

:       0       0

පන්සිළු Monday, 28 July 2025 03:05 PM

මේ සඳහා මනෝ වෛද්‍යවරුන් සහ අධ්‍යාපනයට සම්බන්ධ නැති උගතුන්ද, උගත් මහා සංඝරත්නයද සහභාගි විය යුතුයි. නැත්නම් ආණ්ඩුවට ඕනෑ දේ මිසක් සත්‍ය⁣ ලෙසම රටට ඕනෑ දේ සිදු නොවනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site