(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන දිනටත් ගල්බොඩ නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
මෙම ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ඊයේ (26) දහවල් දිනයෙත් එම ස්ථානයේදීම විශාල මාරගසක් කඩා වැටීමෙන් ඊයේ (26) දිනයේ ද දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු බවත් දුම්රිය බළධාරින් කීය .
අද (27) උදෑසන මෙසේ දෙවන වරටත් එම ස්ථානයේ විශාල මාරගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් , මේනිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා අද (27) අලුයම 4.20ට පමන ගමන් ආරම්භ කල අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට නාවලපිටිය දුම්රිය ස්ථානයේ ද, නානුඔය දුම්රිය ස්ථානයේ සිට අද (27) උදෑසන 6.00ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1024 දරන ටිකිරි මැණිකේ දුම්රිය ගල්බොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙන බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
මාර්ගයට කඩා වැටී ඇති ගස කපා ඉවත් කිරිමට දුම්රිය සේවකයින් පිටත් වී ගොස් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය . මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අදත් උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා