IMG-LOGO

අත් අඩංගුවට පත් වුවහොත් ඇප දෙන්න රාජිතගෙන් පෙත්සමක්

(රෝෂන් තුෂාර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දහ අටක් තිස්සේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට සොයන  හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාරයේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නයිි ඉල්ලා අල්ලස් කොමිසම  පසුගිය සිකුරාදා දින මෝසමක් ගොනු කර තිබූ අතර එම මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය රාජසේනාරත්න මහතා සැකකරුවෙකු නම් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව රාජ්‍ය සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

කෙසේ නමුත් අල්ලස් කොමිසම දන්වා සිටියේ අත් අඩංගුවට ගැනීමට නියමිතව සැකකරුට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දැන් වූ නමුත් ,තමන්ට අසනීප බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් ඔහු අල්ලස් කොමිසම දිගින් දිගටම මගහරිමින් සිටින බවත්, දවස් පහළොවක් තිස්සේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතකර ඇති බවත් පැවසීය.



අදහස් (1)

අත් අඩංගුවට පත් වුවහොත් ඇප දෙන්න රාජිතගෙන් පෙත්සමක්

අරවින්ද මොණරවිල Monday, 14 July 2025 11:35 AM

කොමිසමේ සමහර නිලධාරීනුත් ලොකු ලොකුයයි කියලා හිතන චරිත දැක්කාම පොඩ්ඩක් ඇඹරෙන ගතියක් පෙනෙනවා... එහෙම බැහැ මහත්වරුනි, ලොකු වුණත් පොඩි වුණත් සතා සතාමයි කියලා හිතලා රාජකාරි කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 39 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 32 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site