(යොහාන් භාසුර)
ස්ථිර විධායකය වන රාජ්‍ය නිලධාරීන්ට කැඳවීමක් හෝ නියෝගයක් දිය හැක්කේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විෂය භාර අමාත්‍යවරයාට, අමාත්‍යංශ ලේකම්වරයාට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාට පමණක් බවත් එම නිත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරන නියෝග හෝ උපදෙස් පිළිපැදීමට රාජ්‍ය නිලධාරීන් බැදී නොසිටින බවත් දන්වමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ‘රටේ ප්‍රශ්න විසඳීමට සමීපතයන්ගෙන් යුත් කමිටු 4 ක් පත්කිරීම’ යන ශීර්ෂය යටතේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.
දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරීන්ට ඔවුන්ගේ දේශපාලන පක්‍ෂ ප්‍රවර්ධන කිරීම සඳහා රාජ්‍ය දේපළ භාවිතා කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ සිවිල් පරිපාලනයට මැදිහත්වීමට ඇති සියලු ඉඩ අහුරාලිය යුතු බවත් මෙවැනි පත්කිරීම් හරහා ගන්නා ලද තීරණ ක්‍රියාත්මක වීම රට මේ වන විට මුහුණ දී සිටින තත්වයට ප්‍රධාන හේතුවක් බවත් එම ලිපියේ සඳහන් වේ.
උද්ගත වී ඇති තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මහජන නියෝජිතයන් නොවන දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටු පත්කර ඇතැයි දැනගන්නට ඇති බවත් එවැනි කමිටු අග්‍රාමාත්‍යවරයා පත්කර ඇතැයි අපේක්‍ෂා නොකරන නිසා එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස ද පරිපාලන සේවා සංගමය එම ලිපියෙන් ඉල්ලා සිටියි.
රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් මුදාගෙන ප්‍රශස්ත මට්ටමින් ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය උපරිම සහය ලබාදෙන බව ද එම ලිපියේ ්වැඩි දුරටත් සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අග්‍රාමාත්‍යවරයාගේ කමිටු 4ට පරිපාලන සේවයේ විරෝධය
අසොක ගුනසෙකර Tuesday, 17 May 2022 11:49 AM
simple. කමිටුවට ඇමති බලතල.
ලංකාපුත්‍ර Tuesday, 17 May 2022 11:56 AM
1985 පමණ වනවිට උප දිසාපති වරුන් තබා කච්චේරියේ අතිරේක දිසාපතිට පවා නිළරථයක් තිබුනෙ නැහැ එම නිළධාරින් රාජකාරි කලේ බස්වල ගිහිල්ලා මේ කාලයේ අපේ දිස්ත්‍රික්කයේ උප දිසාපති කාර්‍යාල දෙකකට එකක් බැගින් වාහනයක් දුන්නා වාහන නැතිකාලයේ බසයෙන් හා පයින්ම රාජකාරි සදහා ගියා උප දිසාපති තුමන්ලා ගමේ ගෙදරකින් ලැබෙන කුමක් හෝ ආහාරයට ගෙන දවසම ඇවිදලා යන්නෙ ජනතා ප්‍රශ්න විසදලා,කෙනෙකුට හදිසියේ ග්‍රාම සේවා සහතිකයක් අත්සන් කරගැනීමට වර්තමානයේ කාර්‍යාලයට එන්න කියලා මුද්‍රාව තබාගන්න කිව්වට ඒ කාලයේ උපදිසාපති තුමන්ලා එතුමාගේ මුද්‍රාව සාක්කුවේ ගෙනගියා ලිපිය කාගේ හෝ පිටේ තබා අත්සන් කර මුද්‍රාව එතුමාගේ අතින්ම තබා කාරණය අනුව සුබ පැතීමක් කර සහතිකය දීමට තරම් එකල නිළධාරිතුමන්ලා නිරහංකාර පිරිසක් වුනා