(සුජිත් හේවාජුලිගේ )
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව එසේ කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති ධුරය හිස් වීමෙන් පසු , නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම අතර කාලයේදී , අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතුය. එවිට අග්‍රාමාත්‍ය ධුරය හිස්වන බැවින්, එම ධුරයේ වැඩබැලීම සඳහා වැඩබලන ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ බව සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 40 (1) (ඇ) වගන්තියේ බවත් ඔහු ප්‍රකාශ කරයි.
වත්මන් අගමැති, වැඩබලන ජනාධිපති නම්, ව්‍යවස්ථාවට අනුව ඔහු දැන් අගමැති ධුරය සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු පත්කළ යුතුය. 1993දී මෙසේ අගමැති වූයේ එවකට සභානායක වූ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කිරීමත් සමග, එවකට අගමැති ඩී.බී.විජේතුංග මහතා, වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමත් සමග, විජේතුංග මහතා, එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළේය. එහිදී සම්ප්‍රදාය වූයේ අගමැතිගෙන් පසු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ජ්‍යෙෂ්ඨ හා සුදුස්සා ලෙස සැලකීමේ ක්‍රමවේදයයි. ඒ අනුව මෙවර සභානායක වන, අමාත්‍යවරයකුද වන ජ්‍යෙෂ්ඨයාද වන, දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැති ධුරයට පත් කිරීම කළ යුතු බව ජයකොඩි මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් නොදුන්නේ ඇයි? රනිල්ට නොදී මෙයාට කලින් දෙන්න තිබ්බානේ...!
අනේ දන්න කෙහෙල්මල...!
එදා ප්‍රේමදාස ජනාධිපති පුටුවේ ඉඳගත්තු දවසේ අගමැති පුටුවේ ඉඳගත්තේ රනිල් මැතිතුමායි. අද රනිල් ජනාධිපති පුටුවේ ඉඳගත්ත දවසේ ඉඳලා සජිත් අගමැති පුටුවට එන්න බලන බව පාඨකයින් දනීද?
උස නම් සෙකුරිටි, කොටනම් කම්කරු... නැත අදාල මෙතැනට වෙන්ට දිනුම්කරු... රටම බලා සිටියි ඩොලරයේ මැවුම්කරු... රනිල කුලය පණදෙයි රට ගැලවුම්කරු...
ඔයිට වඩා වාසු හොඳ නැද්ද? වයසින් පොඩ්ඩක් වැඩියි.
එයාටත් පුළුවන් දේශපාලන මරළතෝනි දෙන්න විතරයි...!
ඇයි ඊට වැඩිය ගමේ කෙනා ඉන්නේ ප්‍රසන්නයා...?
ලෝකෙම අපිට අනින්න ඉන්න වෙලාවේ කුළල් කාගනිල්ලා...!
සරමෙ බඩ යනකම් යටි ගිරියෙන් කෑගහන්න නම් මෙයාට පුලුවන් , වෙන නම් මහජන යහපතට කරපු දෙයක් පේන්න නැහැ.
කෙහෙල් මල් පොහොට්ටුවෙ එකෙක්ට දෙන්න එපා . ෆොන්සේකට දෙන්න
පොහොට්ටු රජයක්! ජනතාව බලාසිටි ආණ්ඩුවක්...!
වහල් වැඩ නොකර දේශපාලනෙන්ම ගියා නම් රටට හොඳයි...!
පාර්ලිමේන්තුවේ හරියට කථාවක් කරන්න බැරුව කොහොමද අගමැතිකම කරන්නේ?
ධම්මික පැණි බෝතලයක් එහෙම ගන්න පුළුවන්ද?
ඔබලාගේ හැකර කටක් තියෙනකොට ඔය වැඩේට හොඳ නැද්ද?
ඔය තනතුරු ටික ඌරු වරිගයේ වන්නිලා ඇත්තන්ට දෙන්න. අපට සශ්‍රීක රටක් ලැබෙනවා නොඅනුමානයි. රජකම් කළ හැක්කේ රජෙකුට පමණයි...
සෑම ජනවර්ගයක්ම එකට එකතුවෙමින් නව ගමනක් යන්න හදන්නේ සාදාකාලිකව ජාතිවාදී ප්‍රතිපත්ති දරන කෙනෙක්ට ඒ තනතුර දෙන්න යොජනා කරන්නේ රට පිළිබඳ කිසිම අවබෝධයක් නැති කෙනෙක් වෙන්න ඕනෑ...