IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අක්ෂි තාක්ෂණවේදීහු 57ක් ඩිප්ලෝමා උපාධි ලබති

(අංජුල මහික වීරරත්න)

අක්ෂි තාක්ෂණ  විද්‍යාලයේ 2017-2019 / 2019-2021 / 2022-2024 කණ්ඩායම් වල වසර 2 ක පුහුණුවෙන් පසු පරිපූරක අක්ෂි තාක්ෂණවේදීහු 57 දෙනෙක් අද(29) උසස් ඩිප්ලෝමා උපාධි ලැබූහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක  සම්මන්ත්‍රණ ශාලාවේ ඩිප්ලෝමා උපාධි ප්‍රදානය සිදු කෙරිණි. 

ජාතික අක්ෂි රෝහලේ වසර දෙකක සේවා කාලයකින් පසු තවත් පරිපූරක අක්ෂි තාක්ෂණවේදීන් 58 දෙනකු උසස් ඩිලෝමා උපාධි ලබා ගැනීම සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක්  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා මෙහිදී සඳහන් කළේය.

කලාපයේ අනෙකුත් රටවල් හා සසැඳීමේ දී ශ්‍රී ලංකාවේ අක්ෂි සත්කාර ක්ෂේත්‍රය ඉහළ ප්‍රමිතියක් තිබීම ගැන ආඩම්බර විය හැකි බවත්, රට තුළ වළක්වා ගත හැකි අන්ධභාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

අක්ෂි තාක්ෂණවේදීහු 57ක් ඩිප්ලෝමා උපාධි ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1631 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site