
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු සෙනෙට් සභාවේ සිටින ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කීපදෙනකුගේ සහාය ඇතිව අකර්මණ්‍ය වූ ඇමෙරිකානු රජයට නැවත පණ දීම සඳහා වන අයවැය පනත් කෙටුම්පතට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 12 වැනිදා අත්සන් තැබුවේය.
ඒ සමග දින 43 ක කාලයක් අකර්මණ්‍ය වූ තිබූ ඇමෙරිකානු රජයේ වැඩකටයුතු නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අවස්ථාව හිමිවූ අතර ඉතිහාසයේ ඇමෙරිකානු රජයක් අකර්මණ්‍ය වී තිබූ වැඩිම කාලයද මෙය වේ.
ට්‍රම්ප් පනත් කෙටුම්පතට අත්සන් තැබීමත් සමග ඇමෙරිකානු රජයේ සේවකයින්ට නැවතත් වැටුප් ලැබීම ආරම්භ වීමට නියමිතව ඇති අතර ජාතික වනෝද්‍යාන නැවත විවෘත වනු ඇත. එසේම සීමා කරන ලද හෝ සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලද රජයේ සේවාවන් සියල්ල නැවත ආරම්භවීමට නියමිතය. ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට හිසරදයක් වී තිබූ ගුවන් සේවා කටයුතුද ඒ සමග සාමාන්‍ය තත්වයට පැමිණීමට නියමිතය.
ඇමෙරිකානු රජයට පණදීම සඳහා සෙනෙට් සභාවේ සිටින ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කීපදෙනකු රජයේ නව අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් නැවතත් වැඩකටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සඳහා එරට රජයට අවස්ථාව ලැබුණේය. ජනපති ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයකු වන අතර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කීපදෙනකු රට ගැන සිතා කිසිඳු වාසියක් නොමැතිව ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතට ඡන්දය ලබාදී තිබිණි.
මීට පෙර සෙනෙට් සභාවේදී අයවැය පනත් කෙටුම්පත පරාජයට පත්වීම හේතුවෙන් රජයේ වැඩකටයුතු දින 43 ක කාලයක් අකර්මණ්‍ය විය. එහිදී ගුවන් ගමන් කප්පාදු කෙරුණු අතර බොහෝ ගුවන් ගමන් ප්‍රමාද විය. එසේම ඇමෙරිකානු රාජ්‍ය සේවකයින්ට වැටුප් නොමැතිව වැඩ කිරීමට සිදු වූවේය.
2025 නොවැම්බර් මස 04
773
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අකර්මණ්‍ය වූ ඇමෙරිකානු රජයට නැවත පණ දෙයි