IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


Huawei ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරට

Huawei ටෙක්නොලොජීස් ලංකා 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great place to Workහි ස්වාධීන විශ්ලේෂකයන් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කරනු ලැබ ඇත. Great place to Work විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huaweiටෙක්නොලොජීස් ලංකා හි සේවකයන් විසින් සපයන ලද පුළුල් ශ්‍රේණිගත කිරීම් මත ඔවුන්ට මෙම ස්ථානය හිමිවී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Huaweiශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි Ling Yi මහතා මෙසේ පැවසීය Great place to Work ලෙස පිළිගැනීමට ලක්වීම අපට ඉමහත් සතුටට කාරණයක්. Huawei යනු දශක තුනකට පෙර ආරම්භ කරන ලද බහුජාතික සමාගමක් වන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් අපි රටවල් 170 කට අධික සංඛ්‍යාවක තාක්ෂණික දියුණුව ඇති කිරීමට කටයුතු කරනවා. මෙම සාර්ථකත්වයට හේතුව අපගේ කැපවූ හා වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් මිස අන් කිසිවක් නොවන බව මම ඉතා සතුටෙන් පවසන්න කැමතියි.”‍

මානව ප්‍රාග්ධනය තුළ පවතින සන්නිවේදන තාක්ෂණ කුසලතා, ඩිජිටල් ආර්ථිකයක් සඳහා ඉතා වටිනා අංගයක් බව Huawei විශ්වාස කරයි. වසර ගණනාවක කාලයක් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමෙන් Seeds for the Future ඉහළ විශ්වවිද්‍යාලවලට ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාර, දේශීය හවුල්කරුවන්ට වෘත්තීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව ලබාදීම වැනි මුලපිරීම් ඔස්සේ Huaweiවිසින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කර ඇත.

තවද, Huawei විසින් දේශීය සේවකයන් සඳහා විවිධ වෘත්තීය සංවර්ධන මාර්ග සපයයි. කළමනාකරණ රැකියා පුහුණුව, උපදේශක පද්ධති සහ වෙනත් ක්‍රම මගින් දේශීය සේවකයන්ට වැඩි වගකීම් සම්භාරයක් ලබා දීම තුළින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා වේගවත් කිරීමHuawei විසින් සිදු කරයි. 2018 දී Huawei විසින් කළමනාකරණය පිළිබඳව උපදේශන වැඩසටහනක් දියත් කර ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාව තුළ සිටින කළමනාකරණ කණ්ඩායම් විසින් සිය අදහස් බෙදාදීම මගින් රට තුළ සිටින අනෙකුත් කළමනාකරණ අංශයට අදාළ පුද්ගලයන්ට ඔවුන්ගේ සේවා ස්ථානවලට වඩා හොඳින් අනුවර්තනය වීමට සහ ඔවුන්ගේ සංවිධානයේ කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම උපකාර කිරීම සිදු කරන ලදී.

 



අදහස් (0)

Huawei ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site