IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


HUAWEI සර්විස් කානිවල් ඇරැඹේ

Huawei සිය, පාරිභෝගිකයන්ට වාසි රැසක් ලබා දෙමින්, දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත. මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එම සමාගම කියයි.

මෙවර Huawei Service Carnival හරහා ස්මාර්ට් උපාංග අමතර කොටස් සඳහා සියයට 50 ක් දක්වා වූ සුවිශේෂී වට්ටම් සහ දීමනා, බැටරි රීප්ලේස්මන්ට් සඳහා පහසු මිල ගණන් සමඟින් වගකීමක්, නොමිලයේ ලබාදෙන ක්ලීන්අප් සේවා ඇතුළුව පාරිභෝගිකයාට තෑගි දිනාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහන්ද ක්‍රියාත්මක යැයි එම සමාගම සඳහන් කරයි. තවද, මෙවර වැඩසටහන හරහා තෝරාගත් අමතර කොටස් ප්‍රතිස්ථාපනය කිරීමේදී සියයට 50 දක්වා වට්ටම්වලට අමතරව සුවිශේෂී දින 90ක වගකීම් කාලයක් ලබා දීම සඳහා සමාගම කටයුතු කරයි.

දිවයින පුරා විසිරුණු සියලු‍ම සේවා මධ්‍යස්ථානවලින් Huawei පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්ස් ඇතුළු උපාංග සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස්, නොමිලයේම ඒවායේ තත්ත්වයන් පරීක්ෂා කර ගැනීමට ද අවස්ථාව හිමිවේ. තවද, අලුත්වැඩියා කිරීම සඳහා ඔවුන්ගේ Huawei උපාංග රැගෙන යන පාරිභෝගිකයන්ට නොමිලේ පිරිසුදු කිරීමේ හා විෂබීජනාශක සේවාවක් ද සැපයේ. මෙම පිරිසුදු කිරීමේ හා විෂබීජනාශක සේවාව සියලු‍ම Huawei ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, ස්මාර්ට් Watch සහ FreeBuds සඳහා නොමිලේ ලබාගත හැකිය.



අදහස් (0)

HUAWEI සර්විස් කානිවල් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site