IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


HCL ශ්‍රී ලංකාවේ පළමු වසර සමරයි

 

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වනHCL ටෙක්නොලොජිස් ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිධාරීන් මෙන්ම ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිස්ථානය සනිටුහන් කළේය.

සමාගම දැන් සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය කොළඹ Orion City හී ස්ථාපනය කර ඇති අතර, එතැනින් නොනැවතී තවදුරටත් ව්‍යාප්ත වෙමින් සිය නවීනතම පන්නයේ කාර්යාලයක් කොළඹ නගරයේ සිනමන්ලයිෆ් හිදී ස්ථාපනය කිරීමට යෙදී තිබේ.

මෙරට තුළ සිය වසරක මෙහෙයුම් අතරතුර, නව හැකියාවන් ඔප්නැංවීමට සහ ආකර්ෂණය පිණිස HCL විසින් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදි. තාක්ෂණික මෙන්ම, තාක්ෂණික නොවන විෂය ධාරා ඔස්සේ වසර 3ක හෝ වසර 4ක අධ්‍යයන කාලයන් නිමකළ තරුණ උපාධිධාරීන් වෙතHCL Sri Lanka විසින් මෘදුකාංග ඉංජිනේරුවන් හෝ තොරතුරු තාක්ෂණික විශ්ලේෂකයන් ලෙසින් තමන් හා එක්වීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය.

HCL ටෙක්නොලොජීස් හි ප්‍රධාන මානව සම්පත් නිලධාරී අප්පාරාඕ මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය ‘ශ්‍රී ලංකාවේ අප සාර්ථක පළමු වසර සැමරීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වෙනවා’ රටේ සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව අපි සුබවාදීව බලාසිටින අතර දේශීය ප්‍රජාව වෙත ගෝලීය වශයෙන් වැඩි අවස්ථා ප්‍රමාණයක් උදාකරදීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ, දක්ෂතාවලින් පිරිපුන් මෙන්ම ලෝක මට්ටමේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සිටිනවා. අපගේ Global 2000 සේවාදායකයන්ට මෙන්ම ලෝකය පුරා පිහිටා සිටින හවුල්කරුවන්ට අඛණ්ඩව සහ වර්ධනය වන භූමිකාවක් සමගින් සේවා සැපයීම පිණිස මෙහි සිටින අප HCL පවුලේ සාමාජිකයන්ට හැකිවන බව නිසැකයි.



අදහස් (0)

HCL ශ්‍රී ලංකාවේ පළමු වසර සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 365 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site