IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


E8 ගැන පැමිණිලි ගලයි

(අංජුල මහික වීරරත්න)

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බව කී සභාපතිවරයා E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවේ යැයි කීය.

එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 'සභාපතිට කියන්න" වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද කෝශල වික්‍රමසිංහ මහතා කීය. 

එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම  නොබලා දඬුවම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේ යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා දෙන බව කියා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 26 වැනිදා බත්තරමුල්ලේදී හා පොල්ගස්ඕවිට දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.



අදහස් (3)

E8 ගැන පැමිණිලි ගලයි

Kamal Koyrala Wednesday, 27 November 2024 04:24 PM

මේ ගිවිසුම් අත්සන් කළ පුද්ගලයාටත් දඬුවම් ලැබිය යුතුයි.

:       0       13

රුවන් Wednesday, 27 November 2024 07:14 PM

මනුෂ නානායක්කාර ධුරයෙන් යන්න කලින් ඩොලර් මිලියන ගානක්ම සාක්කුවේ දාගෙන වගේ...

:       0       8

sweneThursday, 28 November 2024 05:40 AM

අධිකරණ නියෝගයෙන් ඔහුට ඇමතිකම අහිමි වූ විට, පුළුවන් මහත්තයාගේ උපදේශක තනතුරකට පත් කළා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site