දේශීය වෙළඳපොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයකු වන Electrodeals (Pvt) ලිමිටඩ් විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම සමග සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයන්ට හිමි වන බව එම සමාගම කියයි.
තාක්ෂණික ක්‍රීඩා සඳහා උද්යෝගිමත් පාරිභෝගිකයන් අරඹයා සුවිශේෂී ක්‍රීඩා පරිශ්‍රයකින් ද Dell Concept Store සමන්විත වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Dell Technologies මාලදිවයින් සහ ශ්‍රී ලංකා කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය Electrodeals යනු ඉහළම තත්ත්වයේ Dell මාදිලියේ උපාංග රැසක් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන විශිෂ්ට ප්‍රදර්ශනාගාරයක්. ඕනෑම කෙනකුට පසුවෙන් ප්‍රවේශ විය හැකි කොළඹ ආරම්භ කළ මෙම Dell Concept Store හරහා පාරිභෝගිකයන්ටDell උපාංග මිලදී ගන්න පුළුවන්. ඒ වගේම උපරිම පාරිභෝගික අත්දැකීමක් ලබාදීම කෙරෙහි Dell අවධානය යොමු කරනවා. අපගේ Dell පරිභෝගිකයන්ට විශිෂ්ට අත්දැකීමක් ලබාදීමේ මෙම ගමනට අප හා හවුල් වීම ගැන මමElestrodeals සමාගමට ස්තූතිවන්ත වීමට කැමතියි.”
Dell Concept Store අංක 288, ගාලු පාර, කොළඹ 04, යන ස්ථානයේ පිහිටා තිබේ.

2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Dell Concept Store කොළඹදී විවෘත කරයි