IMG-LOGO

DIMO සහ කොමට්සු පනස් වසරක හවුල්කාරීත්වය සමරයි

DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Komatsu හා ඇතිකරගත් හවුල්කාරීත්වය සඳහා වසර 50ක් සපිරෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණ වීම ද මෙම වසරේදීම සිදු වීම බව ද එහි සඳහන්ය.

දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට Dimo හි දායකත්වය වර්ධනය කිරීමට Komatsu විසින් හඳුන්වා දී ඇති විවිධ වූ යන්ත්‍ර සූත්‍ර මගින් මහඟු‍ අත්වැලක් සපයනු ලබන අතර, එමඟින් රටෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති උදෙසා ඉතා විශාල දායකත්වයක් ලබාදීමට Dimo සමත් වී ඇත. ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ සමඟ සිමෙන්ති සහ ඉදිකිරීම් වැනි දැවැන්ත දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට සහ එවැනි කර්මාන්තවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට, මෙම හවුල්කාරීත්වය දායක වී ඇත.

DIMO මෙවැනි Komatsu බර යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් මෙරට මහා පරිමාණ ජාතික ව්‍යාපෘති සඳහා සපයා ඇත. කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සහ පෝට් සිටි එවන් ව්‍යාපෘති කිහිපයකි. මීට අමතරව, පෞද්ගලික අංශයේ මහා පරිමාණ සිමෙන්ති නිෂ්පාදකයන් මෙන්ම කුඩා පරිමාණයේ යන්ත්‍රෝපකරණ හිමිකරුවන් ද DIMO හි Komatsu පාරිභෝගිකයන් අතර වේ.

DIMO සහ Komatsu හවුල්කාරීත්වයට වසර 50ක් සපිරෙන මෙම මොහොතේ සිය අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවැසීය.

“බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයකු වන Komatsu සමඟ වසර 50ක ශක්තිමත් හවුල්කාරීත්වයක් සැමරීම අපට ඉමහත් ආඩම්බරයක්. මෙම දිගු ගමන් මග පුරාවටම දේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහිලා විශාල දායකත්වයක් සැපැයීමට අපට හැකි වුණා. ශ්‍රී ලාංකේය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ විප්ලවීය ආනාගතයක් සඳහා Komatsu සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.”‍



අදහස් (0)

DIMO සහ කොමට්සු පනස් වසරක හවුල්කාරීත්වය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 574 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1004 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site