IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


Curtin Colombo සරසවියේ විවෘත දිනයේ දී ඉහළ පිළිගැනීමක්

 

ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු Curtin සරසවියට අනුබද්ධ Curtin Colombo සරසවිය විසින්  සංවිධානය කරන ලද විවෘත දිනය සඳහා සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ සිසු පිරිසක් සහභාගී වූහ.

උසස් පෙළ විභාග අවසන් කළ හෝ ප්‍රතිඵල ලැබූ හෝ උසස් අධ්‍යාපන මාර්ග ගැන සලකා බලන සිසුන්ට තම අනාගත අධ්‍යාපන විකල්ප මාර්ග මොනවාද යන්න ගවේෂණය කිරීමට මෙම සරසවි විවෘත දිනය ඉතාමත් හොඳ අවස්ථාවක් බවට පත් විය. රැකියා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලු‍මක් ඇති අංශ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ ව්‍යාපාර, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ උපාධි Curtin Colombo සරසවිය විසින් පිරිනමනු ලබයි.

Curtin Colombo  සරසවියෙන් පිරිනැමෙන පරිගණක උපාධි සඳහා, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂණය, තොරතුරු තාක්ෂණය සහ පරිගණක පද්ධති සහ ජාලසැකසුම් ආදී විෂයන් ඇතුළත් වේ. ඉංජිනේරු උපාධි සඳහා සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, යාන්ත්‍රික සහ කාර්මික ඉංජිනේරු යන විෂයන් ඇතුළත් වේ. Curtin Colombo හි ව්‍යාපාර කළමනාකරණ උපාධිය (BBA)තුළ, ජාත්‍යන්තර කළමනාකරණය, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය, ඩිජිටල් අලෙවිකරණය යන අංශ ආවරණය කරනු ලැබේ.

Curtin Colombo සරසවියේ ඉගෙනුම ලබන සිසුන්ට, Curtin ජාත්‍යන්තර සරසවියට අනුබද්ධ වෙනත් රටවල සරසවිවල අධ්‍යාපන කටයුතු කිරීමට ද අවස්ථාව උදාකර දේ. ඒ අනුව බටහිර ඕස්ට්‍රේලියාවේ Curtin Colombo වෙත හෝ මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි සහ මොරිෂස් ඇතුළු ඕනෑම Curtin ජාත්‍යන්තර සරසවියකට යාමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. එමගින් එම සරසවිවල විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ පාඨමාලා ප්‍රායෝගිකව හැදෑරීමට, ජාත්‍යන්තර රැකියා අවස්ථා උදාකරගැනීමට සහ ලෝකය පුරා සිටින ආදි ශිෂ්‍ය ජාලය සමඟ සම්බන්ධ වීමටද අවස්ථාව උදාකරගත හැකියි. ලොව පුරා ඇති සරසවි අතරින් ඉහළම සිටින සියයට 1  ක සරසවි අතර Curtin සරසවිය ශ්‍රේණිගතවීම ද සුවිශේෂී කරුණකි. (2023 QS ලෝක ශේණිගත කිරීම).

‘‘අපගේ විවෘත දිනයෙන් අපත් සමඟ අත්වැල් බැඳගැනීමට සූදානමින් සිටින සිසුන්ට සහ දෙමාපියන්ට අපගේ ආචාර්යවරුන් සහ දැනට ඉගෙනුම ලබන සිසුන් හමුවීමට අවස්ථාව උදා වුණා. විවෘත දිනයට සහභාගී වූ අයට, සරසවියේ ක්‍රියාපටිපාටිය, වෘත්තීය කරුණු, ඇතුළත් වීමේ නිර්ණායක, ඕස්ට්‍රේලියාවට ගෙවීම් කරන ආකාරය සහ ශිෂ්‍යත්ව වැනි කරුණු පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව ඉතා හොඳින් සාකච්ඡා කිරීමට හැකි වුණා.”‍ යනුවෙන් Curtin Colombo හි පරිගණක හා ව්‍යාපාර ප්‍රධානී අංජලී ගමගේ මෙනෙවිය ප්‍රකාශ කළාය.



අදහස් (0)

Curtin Colombo සරසවියේ විවෘත දිනයේ දී ඉහළ පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site