(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී (ඒ.එස්.පී.) තනතුර සඳහා තරග විභාගය පවත්වා වසර දෙකක කාලයක් ගතවුවද මේ දක්වා එම තනතුරුවල පත්වීම් දීමට බලධාරීන් අසමත්ව ඇතැයි පොලිස් නිලධාරීහූ චෝදනා කරති.
එම විභාගයට පෙනී සිටි නිලධාරීන්ගේ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය පෙබරවාරි මස පැවැත්වූ බවත් විභාගයේ සහ සම්මුඛ පරීක්‍ෂණ යන දෙකේ ලකුණු එකතුවේ අවසන් ලැයිස්තුව මීට මාස දෙකකට පමණ පෙර ජාතික පොලිස් කොමිසමට යොමුකර ඇති බවත් එම නිලධාරීහූ කියති.
තේරීපත්වූ නිලධාරීන්ගේ අයහපත් වාර්තාවල දෝෂ සහිත යැයි ප්‍රතිඵල ප්‍රමාද කරන බව කියන පොලිස් නිලධාරීහූ අයහපත් වාර්තා සකස් කරන පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වගකිවයුතු බව ද සඳහන් කරති.
සහකාර පොලිස් අධිකාරී පත්වීම් දීම ප්‍රමාද කිරීම සඳහා දෝෂ සහිත වාර්තා සිතාමතාම සකස් කරන්නේ දැයි සැකයක් මතුවන්නේ යැයි කියන පොලිස් නිලධාරීහූ මෙම තත්වය හමුවේ තමන් දැඩි කස්සල්ලට පත්ව සිටින බව ද සඳහන් කරති.
මෙම තත්වය පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකුගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙහිදී පුරප්පාඩු වී ඇති සහකාර පොලිස් අධිකාරී තනතුරු 43 ක් සඳහා නිලධාරීන් තෝරා විභාග දෙපාර්තමේන්තුව ලැයිස්තුවක් යොමුකර ඇති බවත් කෙසේ වෙතත් එම නිලධාරීන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් ‘අසාදු වාර්තා’ යොමුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමාද කිමින් සිටින බවත්ය.
එම නිලධාරීන් 43 දෙනාට අදාල ‘අසාදු වාර්තා’ යොමුකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට කීපවරක් සිහිකැදවීම් කළ බව ද එම සාමාජිකයා සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරීවරයෙක් යනු පොලිස් දෙපාර්තමේන්තුවේ වඩාත් වගකීමක් ඇති තනතුරක් බැවින් ඒවා විභාග ලකුණු සහ සම්මුඛ පරීක්‍ෂණ තොරතුරු මත දියනොහැකි බවත් අදාල නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු, විභාග සහතික, සේවා තොරතුරු ආදි සියලුම දේවල්වල සත්‍යතාව තහවුරු කරගත යුතු බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත්ය.
අදාල නිලධාරීන් පිළිබඳව සීඅයිඩී, ටීඅයිඩී සහ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් වාර්තා ආදි සියලුම වාර්තා කැඳවන බවත් උදාහරණයක් ලෙස නිලධාරීයෙක් විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශි්‍යයෙක්ව සිටියේ නම් ඔහු එහිදී නවකවදයට සම්බන්ධ වී තිබේද යන පිළිබඳව තහවුරු කරගන්නා බවත් ජාතික පොලිස් කොමිසමේ එම සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ASP විභාග පවත්වා වසර දෙකක් ගියත් පත්වීම් නෑ
de silva Wednesday, 23 July 2025 03:15 PM
අනේ මගේ කට , අර බන්දුට එහෙම උසස් වීම් දෙන කොටත් හොඳට හොයලා බලලා වෙන්න ඇති දෙන්න ඇත්තේ? ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ කියලා හොයන්න නේද TID වාර්තා කැඳවන්නේ? ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙලා හිටියාට කමක් නැහැ... ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ කෙනෙක්, සහකාර පොලිස් අධිකාරි වෙනකොට තමා ඔය කියන ඔක්කෝම ප්‍රශ්න?