IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

සමිත් බෝධිපක්ෂ (චීනයේ ෂැංහයි නුවර සිට)

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය.  චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 

පෙර ප්‍රදර්ශනවලදී මෙන්ම මෙවරද එහි ව්‍යවසාය ව්‍යාපාර ප්‍රදර්ශන, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය, වෘත්තීය සහාය ක්‍රියාකාරකම් සහ සංස්කෘතික හුවමාරු ආදී ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි.

රටවල් 30කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය  වර්ග මීටර් 330,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැවැත්වෙයි. 

2018 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව  ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද කිහිප වතාවක් සහභාගි වී තිබෙන අතර, මෙවරද ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශන කුටි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද ප්‍රධාන ප්‍රදර්ශන කුටිය ප්‍රදර්ශන භූමියේ පිහිටි ජාත්‍යන්තර කලාපයේදී අද සවස විවෘත කෙරිණි. චීනයේ ෂැංහයි නුවර කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. මීට අමතරව මෙරට ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන කුටි කිහිපයක්ම මෙවර ප්‍රදර්ශනයට එකතු කර තිබේ. 

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට මැලේසියාව, උස්බෙකිස්තානය, ස්ලෝවැකියාව, මොංගෝලියාව, සර්බියාව සහ කසකස්තානය යන රටවල අග්‍රාමාත්‍යවරුන්, අනෙකුත් රටවල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙවර ප්‍රදර්ශනය එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17386 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site