IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු

ඩී.ජී.සුගතපාල

ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස මාරඹ සහ අහංගම ගොවියාපාන පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

මාරඹ පදිංචි සැකකරු අද සවස අකුරුස්ස නගරයේ වෙළඳ සලකින් ව්‍යාජ රුපියල්5000 නොට්ටුවක් ලබාදි භාණ්ඩ ලබා ගැනිමට උත්සාහ කරන බවට ලැබුන තොරතුරක් අනුව පොලිස් නිලධාරින් පැමිණ ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ අහංගම සැකකරුවන් දෙදෙනා එම නොට්ටුව ලබාදුන් බවය.

පසුව පොලිස් නිලධාරින් සැකකරු ලවා අහංගම සැකකරුවන් දෙදෙනාට දුර කතන ඇමතුමක් ලබාදි තවත් නෝට්ටු තිබේ නම් ගෙන එන ලෙස පවසා ඇත.ඒ අනුව ඔවුන් දෙදෙනා වහාම යතුරු පැදියකින් ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් රැගෙන පැමිණ සැකකරුට දෙන අවස්ථාවේ අසල රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site