(අජන්ත කුමාර අගලකඩ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී හෙට (29)උදේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (28)පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ යෝජනාවලියක් ද මෙම රැස්වීමට රැගෙන යාමට එම පක්ෂ නායකයින් තීරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද,නිමල් සිරිපාල ද සිල්වා , දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ,මහින්ද අමරවීර ,අනුර ප්‍රියදර්ශන යාපා ,සුසිල් ප්‍රේමජයන්ත ,වීරසුමන වීරසිංහ , ජයන්ත සමරවීර ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ඩිව් ගුණසේකර යන මහත්වරුද සහභාගි වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
41 කණ්ඩායම හෙට ජනපති තනිව හමුවෙයි
Surain Thursday, 28 April 2022 07:45 PM
මේ අය කරන්නේ ලොකු බොරුවක්..! මහජනතාව අහුවෙයි ඔය බොරුවලට... බලාගෙන ඉන්න.
Rata Perata Thursday, 28 April 2022 07:48 PM
මේ අය සානුකම්පිත වුණොත් පුදුම වෙන්න එපා. 20 අත් කකුල් ඔක්කොම උස්සනකොටත් ඕක තමයි කිව්වේ....
chandima Thursday, 28 April 2022 08:22 PM
ගිය වැඩේ හරිගිය නැති නිසා ආපසු එන්න අහන්නද යන්නේ?
Berawimala Friday, 29 April 2022 12:12 AM
බෙරයයි, අගුපිලයි අගමැති වෙන්න දඟලන්නේ...!
Kumara Friday, 29 April 2022 10:46 AM
විමලයෝ ඔයාගේ සෙල්ලම් දැන් ඉවරයි. සද්දෙ වහලා ඉන්න.
Hafeel Friday, 29 April 2022 01:14 PM
මේ සෙට් එකේ ඉන්නේ දේශපාලන අනාතයින්...
SUNIL MILANO Friday, 29 April 2022 04:19 PM
අනාථවෙලා හිටපු මේ අය... පොහොට්ටුවෙන් ගොඩ ඇවිල්ලා. දැන් ලොරි ටෝක් දෙනවා.