(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත.
වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ යන මහත්වරුන් ඇතුළු 9 දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබේ.
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා.
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති බවත් මෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම් කරුවෝ සිය පෙත්සම් පෙත්සමෙන් පෙන්වා දී ඇත.
එබැවින් මෙය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත්‍රී කණ්ඩායමකගේ අනුමැතියට යටත්ව සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම් කරුවෝ සිය පෙතකරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
22කට එරෙහිව පෙත්සම් නවයක්
විනිවිද Friday, 19 August 2022 04:51 AM
20 සම්මත කරන වෙලාවෙ මුන්දැල කොහේද හිටියෙ කියලා දන්න කෙනෙක් කියන්න නැත්නම් අද ඊයේ උපන් අයද කියන්න