IMG-LOGO

21 කැබිනට් මණ්ඩලයට

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වැනි සංශෝධනය පිළිබඳ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිඑක් වෙනි සංශෝධනය පිළිබඳ කමිටුව ඊයේ (23)පස්වරුවේ  රැස්වී කළ සාකච්ඡාවෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව කී අග්‍රාමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලයේ දී  කෙටුම්පත සාකච්ඡා කොට  පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ට එය ලබාදී  සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නැවත  වාර්තා කරන ලෙස  දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසිඑක් වෙනි සංශෝධනයේ පිටපත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ලබා දෙනු ඇති බවත් ලබන  සිකුරාදා රැස්වී ඔවුන්ගේ අදහස් ලබා ගන්නට අප බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට පසුව ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සංශෝධන  සමගම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර  පළමුවෙන්ම ගැසට් නිවේදනය පළ කොට ඊට පසුව වුවමනා අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ද අවස්ථාව දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සියලු දෙනාගේම සහාය ඇතිව සංශෝධනය සම්මත කරගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (2)

21 කැබිනට් මණ්ඩලයට

sena Monday, 23 May 2022 08:13 PM

සංශෝධන කිව්වේ අර ද්විත්ව පුරවැසි එක වෙන්න ඇති නේද?

:       6       18

siri Monday, 23 May 2022 09:14 PM

ද්විත්ව පුරවැසි කොටස අයින් නොකර මොන අටමඟලෙ ගෙනාවත් රටට වැඩක් වෙන්නෙත් නැහැ. ඔහෙලට වැඩක් වෙන්නෙත් නැහැ. "සර් ෆේල්" කිය කියා හන්දි ගානේ බෙරිහන් දුන්න කෙනාටයි එයාගේ ගෝලයාටයි විතරයි කල්ල මරේ උනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 381 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 837 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site