IMG-LOGO

‘21ට පයින් ගසා ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටිනවා‘

(නිමල කොඩිතුවක්කු)

ජනතා අපේක්ෂාවන්ට මුල්තැන දෙමින් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කොළඹදී පැවසීය.

රට ගැන කැක්කුමක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට කැපවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් මෙසේද කීවේය.

“නීතිඥ සංගමය, අපේ රටේ විද්වතුන්, ආගමික නායකයන්, තරුණ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනා ඉල්ලපු යෝජනා තමයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව ඉදිරියේ තබා ඇති 21 වන  සංශෝධනයෙන්  ඉදිරිපත් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුව පිළිගත් විසිඑක් වන සංශෝධනය සමගි ජන බලවේගය ඉදිරිපත් කළ සංශෝධනයයි. ඒක පළමුවර කියවීමත් අනුමත කරලා තියෙනවා. කෙටි කලක් ඇතුළත මේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඕන්නම් කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුවේ උදවියට මේකට සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. ජනතාව ඉල්ලන මේ සංශෝධන ඇයි ප්‍රමාද කරන්න හදන්නේ කියලා අපි අහනවා.

 ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ගෞරවය දිනා ගන්න පුළුවන් විදියට ගමනකට යන්න තවමත් මේ ආණ්ඩුව මැලිකම් දක්වනවා. මේ ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට තමයි ගමන් කරන්න හදන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අගෞරවයට අපේ රට පාත්‍ර කරන්න හදනවා. දැන්වත් මේ වෙලා තියෙන දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න. උප්පරවැට්ටි යොදලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරන්න ගන්න උත්සාහයන් නැති කරන තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. මේ සඳහා වත් රජය ඇතුලේ ඒකමතිකත්වයක් නැහැ. අපේ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ඉස්සරහ මේකෙන් හෑල්ලුවට ලක් කරනවා.



අදහස් (2)

‘21ට පයින් ගසා ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටිනවා‘

මැක්ස් Friday, 03 June 2022 03:24 PM

ජවිපෙටත් එහා ගොසින් සජබය ඉතිහාසයට එකතුවන්නේ ප්‍රශ්නවලට මුහුණ නොදී පැන යන්න කණ්ඩායමක් ලෙසිනි. විවේචනය කිරීමට පමණක් දත් අවස්ථාවාදීන් කොටසක් ලෙසිනි.

:       4       18

Thilak Friday, 03 June 2022 05:16 PM

සමගි ජනබලවේගය කරන්නේ හැමදෙයක්ම විවේචනය කරන එක පමණයි. ඔහොම ගියොත් අනාගතයක් නොමැති බව කිවයුතුයි.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 436 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site