අනතුරට පත් වී කඩා වැටුණු එයාර් ඉන්දියා 171 බෝයිං ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ සිටි දෙසිය හතලිස් දෙදෙනාගෙන් 204 දෙනකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව අහමදාබාද් පොලිසිය පවසයි.
යානය ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට පිටත් වී මිනිත්තු පහක් ඇතුළත කඩා වැටුණේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයක් පිහිටි ස්ථානයකටය.
අද (12) දහවල් සිදුවුණු මෙම ගුවන් අනතුරින් දිවි ගලවා ගත් අයකු මෙතෙක් හමුවී නැත.
යානයේ ඉන්දීය ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, කැනේඩියානු ජාතිකයකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනකු සිටි බව පැවැසෙයි.
මෙය ඉන්දීය ගුවන් යානා ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
204 දෙනකුගේ සිරුරු හමුවෙලා
m. saman perera Thursday, 12 June 2025 07:07 PM
හරිම ශෝඛ ජනකයි .මියගිය සැමට නිවන් සුව ලැබේවා
ගුණරත්න Thursday, 12 June 2025 07:49 PM
දිවිගලවාගත් අයෙක් ගැන ට්විටර් එකේ තිබෙනවා...