(අංජුල මහික වීරරත්න)
ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී අද (8) පැවැත්විණි.
2026 වර්ෂයේ දී ආසියා ඔලිම්පික් සමුළුව ලංකාවේ දී පැවැත්වීමට සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගනිමින් සියලුම දරුවන්ට පිහිනීම පුරුදු කිරීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා විය.
ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල්වරයා ජංගම පිහිනුම් තටාක ලබා ගැනීමට අධාර ලබා දීම සඳහා එකඟතාවය පළ කළේ ය.
ක්‍රීඩා නීති සම්පාදනය කිරීම පිළිබඳව සහ ජාත්‍යන්තර පිහිනුම් තටාකයක් මෙරට ඉදි කිරීම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ අතර ක්‍රියාත්මක කිරීමට නියමිත 'sport tourism - ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය' වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බව ද ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් හුසේන් අල්-මුසල්ලාම් මහතා පැවසුවේ ය.
මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ද සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2026 ආසියා ඔලිම්පික් සමුළුව ලංකාවේ