ගිනියාවේ ඉබෝලා රෝගයෙන් පුද්ගලින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගිනිකොණදිග කළාපයේ නෙසරෝකෝ නගරය ආසන්නයෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පස් දෙනකුටද රෝගය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ.
අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක් අතරින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.
2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.
ගිනියාවේ ජාතික සෞඛය ඒජන්සියේ ප්‍රධානී වෛද්‍ය සකෝබා කීටා කියා සිටියේ රෝගින් හඳුනාගැනිම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
2013 වසරේ සිට 2016 කාලය දක්වා ව්‍යාප්ත වූ ඉබෝලා රෝගයෙන් ගිනියාවේ 11,000 කට වැඩි පිරිසක් මියගියහ.
පසුව හඳුන්වාදුන් ඉබෝලා එන්නත් හේතුවෙන් රෝගය මර්ධනය විය.
චිම්පන්සින්, පළතුරු වවුලන් සහ ඇන්ටිලෝප් ඇතුළු ආසාදිත සතුන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් ඉබෝලා රෝගය මිනිසුන්ට ආසාදනය වේ.
ආසාදිත රුධිරය, ශාරීරික තරල හෝ අවයව සමග සෘජුව සම්බන්ද වීමෙන් හෝ රෝගකාරක සහිත දූෂිත පරිසරය සමග වක්‍රව සම්බන්ද වීමෙන් එය මිනිසුන් අතර ව්‍යාප්ත වේ.
ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු වලින් ද රෝගය බෝවන බව සොයාගෙන තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ තුනක්