(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය.
එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.
2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මර්වින් සිල්වා සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප
Perera Tuesday, 07 May 2024 01:44 PM
තව අවුරුදු 17 කින් නඩුව අහන්න පටන් අරන් ඊටත් අවුරුදු 17 කට පස්සේ තීන්දුව දෙවී
රෝයි ෆෙඩ්රික්ස්Wednesday, 08 May 2024 02:28 PM
අපොයි ඕකා ඔච්චර කල් ජීවත්වෙන්නේ නැහැ.මේ දිනවල සොබා දම් මාතාව සියලුව පාපිෂ්ඨයන්ව බිලි ගන්නවා.
wedage Wednesday, 08 May 2024 02:08 PM
මෙපමණ කලක් එළියේ සිටියේ අප නැතුවද හා ?