(ගයාන් සූරිය ආරච්චි)
මෙරට ආන්දෝලනයට තුඩු දුන් ඝාතනයන් හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට නොහැකිවී ඇත්තේ පොලිසියේ අවශ්‍යතාවක් හෝ කැපවීමක් නොමැති වීම නිසා නොව සෑම සිදුවීමක් තුළම දේශපාලන හස්තයක් තිබීම නිසා බව ජනාධිපති අනුව කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසූවේ බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ඊයේ (3) පැවති 159 වැනි පොලිස් දින සැමරුම් උළෙලේදීය.
එකල සිටි දේශපාලඥයන් එම විමර්ශන අඩපණ කළ බවත් නිවැරදිව රාජකාරී කළ නිලධාරීන්ගෙන් පළිගැනීමේ ඉතිහාසයක් තිබුණු බවත් ජනාධිපතිවරයා පැවසීය.
මෑත කාලයේදී කොතැනක හෝ වෙඩි තැබීමක් සිදුවුවද එම අපරාධකරුවන් හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට අපේ පොලිසියට හැකි වී තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රජයක් හැටියට වර්තමානයේ තිබෙන මිනිස් අවශ්‍යතා හා අභියෝග හමුවේ පොලිස් නිලධාරීන්ට වැටුප් ප්‍රමාණවත් නොවන බව දන්නා අතර ඒ සඳහා යම් වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බවත් එය අදියර කීපයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
159 වැනි පොලිස් දින සැමරුම මහ ඉහළින්
maalaka Thursday, 04 September 2025 05:53 AM
හොඳ පෞරුෂයක් තිබෙන නායකයෙකු සිටීම සතුටට කරුණක්.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 04 September 2025 09:21 AM
පොලිස් නිලධාරීන්ට ආයුධ බිම තබා කොටින්ට යටත්වෙන්න නියෝග දී නිලධාරීන් 600 ක් පමණ අමු අමුවේ ඝාතනය වෙන්න ඇරපු, පාලකයින්ට ස්වර්ණමය වූ යුගයකුත් තිබුණා