මහින්දානන්දට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවරූ නඩුවේ විභාගය 10 වැනිදා
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරන ලද නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීරණය කළේය.