මන්ත්‍රීවරු 17 දෙනකුට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු වෙත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධූර ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (27) සිදුකෙරිණි. 27 November 2019
අගමැති අමාත්‍යාංශයන්හි වැඩබාරගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අද (27) සවස බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය. 27 November 2019
අමාත්‍යංශ 20 කට නව ලේකම්වරු අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ සිදුකෙරිණි. 27 November 2019
අත්‍යාවශ්‍ය නොවන වියදම් කපා හරින්නැයි ජනපති අමාත්‍යාංශවලින් ඉල්ලයි වාහන , ගමන් බිමන් , ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය නොවන සහ ප්රමුඛ නොවන වියදම් කපා හරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යාංශවලින් සහ නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කර ඇත. 27 November 2019
රාත්‍රී තැපැල් දුම්රිය 4 ක් අවලංගුයි යාල්දේවී දුම්රිය පිළිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අද රාත්‍රීයේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හතරක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 27 November 2019
මංගලගේ මාධ්‍ය සම්බන්ධීකාරිනිය සීඅයිඩීයට කැඳවයි වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය හා හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක හැටියට කටයුතු කළ තුෂාරා විතාරණ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි හෙට (28) පෙනීසිටින්නැයි කැඳවීමක් ලැබී තිබේ. 27 November 2019
රාජපක්ෂ පාලනයේ පෙර තිබූ හිරිහැර යළි අරම්භවෙමින් පවතින බව රංගේ බණ්ඩාර කියයි 2015ට පෙර පැවති රාජපක්ෂ පාලන සමය සිහිපත් කරමින් යළි රාජ්‍ය නිලධාරින්ට, මාධ්‍යවේදීන්ට, තානාපති නිලධාරින්ට හිරි හැර කිරීම් ආරම්භ වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. 27 November 2019
ජෝන් අමරතුංග වත්තලින් ඉවත් වෙන්න තීරණය කරයි තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙමින් තමන් එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අසවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ලංකාදිපයට පැවැසීය. 27 November 2019
ධීවරයින් මුහුදට ගෙන යන ජල බෝතල් යළි ගොඩබිමට ධීවර යාත්‍රාවල ජලය ගෙන යන බෝතල් මුහුදට දැමීම නතර කිරීමේ වැඩ පිළිවෙලක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව ආරම්භ කර ඇත. 27 November 2019
පොලිස් මාධ්‍ය ඒකකයේ ’හලෝ’ ගොළු වෙයි වසර කිහිපයක් පුරා මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සියලූ සේවා කටයුතු අද (27) කි‍්‍රයාත්මක නොවුණි. 27 November 2019
යාල් දේවී පිලී පනී කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රිය ගල්ගමුව හා අඹන්පොළ අතරදී අද (27) පිලී පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි. 27 November 2019
විමල්ට එරෙහි නඩුව ජනවාරි 27කැඳවයි මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරී මස 27 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද(27) නියම කළේය. 27 November 2019
ප්‍රධාන පෙළේ බදු රැසක් ඉවතට ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. 27 November 2019
එජාපයේ මන්ත්‍රීවරු සිරිකොතේදී රැස්වෙති පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සමාලෝචනයක් සහ සාකච්ඡා මාලාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (27) පැවැත්විණි. 27 November 2019
නේවි සම්පත් තවදුරටත් රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩ(ර්) චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘‘නේවි සම්පත්’’ ලබන 10 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද (27) දැනුම් දුන්නේය. 27 November 2019
අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට ජී.එල් ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත. 27 November 2019
එක්නැළිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 7දෙනාට ඇප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 7 දෙනාට එරෙහි අධිචෝදනා පත් බාරදුන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඔවුන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළහ. 27 November 2019
හේමසිරි-පූජිත්ගේ ඇප අයැදුම් දෙසැ. 17 කැදවයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප අයැදුම් දෙක දෙසැම්බර් 17 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය. 27 November 2019
දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200 ක් දඩ පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය කෙරෙන කාර්යාල (ෆවුසි) දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරිවල තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රවලින් ගමන්ගත් මගීන් 30 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 27 November 2019
අපේක්ෂා රෝහලත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුන් සිව් දෙනකු ලබන දෙසැම්බර් මස 02 වැනිදා ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කීවේය. 27 November 2019
ඔසුසල හිටපු සභාපති ගැන සොයන්න විශේෂ කමිටුවක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රූම් මොහොමඩ් මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 27 November 2019
අමාත්‍යවරු දෙදෙනෙක්ට කැබිනට් ප්‍රකාශක තනතුරු රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කරනු ලැබ සිටිති. 27 November 2019
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක හිඟයක් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අවශ්‍ය,අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක බරපතල හිඟයක් පවතින බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියයි. 27 November 2019
අසරණ පවුලකට ඩිල්ෂාන්ගෙන් නිවසක් හිටපු කි‍්‍රකට් නායක තිලකරත්න දිල්ශාන් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අලූත්ගම, දර්ගා නගරයේ පුවක්වත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද අංග සම්පුර්ණ නිවස නිවැසියන්ට භාරදිම පසුගියදා සිදු කළේය. 27 November 2019
විපක්ෂ නායකවරයා රනිල් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) පැවසීය. 27 November 2019
‘මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ඉක්මණින් ක්‍රියාත්මක කරනවා’ ජනාධිපතිවරණය සමයේ දී දැඩි මතභේදයකට තුඩු දුන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉතාම ඉක්මණින් ක්‍රියාත්මක කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇලිස් ජී. වෙල්ස් මහත්මිය පවසා ඇත. 27 November 2019
තහනම නොතකා යාපන සිසුහු මහවිරු සමරති යුද සමයේ දී මිය ගිය මහවිරුවන් සිහිපත් කර යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසළකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) මහවිරු සැමරීමක් සිදුකර තිබේ. 27 November 2019
කල්පිටියේ දේවස්ථානයක ගින්නක් කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, පල්ලිවාසල්තුරේ පෙරිය සන්ධි ග්‍රාමයේ පිහිටි, ජුසේ වාස් රෝමාණු කතෝලික දේවස්ථානයේ අද(27) ගින්නක් හටගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 27 November 2019
උතුරේ පොලිසියත් නගර පිරිසිදු කරති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් උතුරේ පොලිස් නිලධාරීහු ද නගර පිරිසිදු කිරීමට දායක වී සිටිති. 27 November 2019
වාස්ගේ අභියාචන පෙත්සම් තීන්දුව කල්යයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී. 27 November 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026