තරුණයන්ට ජපන් රැකියා සිහිනය දි මුදල් ගැරූ කතක් පොලිස් දැලේ ජපනයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකාරියක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත . 11 July 2021
හෂීස් මත් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේනේ කඳවුරේ භට කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රියේ 10.30 ට පමණ මාලඹේ සුසිලාරාම පාරේ සිදුකළ විශේෂ වැටලීමක දී හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. 11 July 2021
සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් කටුනායකට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි. 11 July 2021
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙි වසරේ අලාභය ඇමරිකානු ඩොලර් කෝටි දහසයක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. 11 July 2021
සංචාරක ක්ෂේත්රයේ නියුතු අයට කොරෝනා එන්නත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්රයේ නියුතු දහසකට ආසන්න පිරිසකට අද (10) දිනයේ සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබා දුන් බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 10 July 2021
ආසාදිතයන් පළමු වටයේ 919ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 919 දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 July 2021
කොරෝනා මරණ තවත් 33ක් කොවිඩ් ආසාදිතවූ තවත් 33 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 July 2021
වැස්සෙන් 5777 පිඩාවට තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 July 2021
’’කාබනික පොහොර විප්ලවය ආපස්සට හරවන්න දෙන්නෙ නෑ’’ රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 10 July 2021
දූවේමෝදර ගඟේ ගිය සියාගෙයි මුණුපුරෝ දෙදෙනාගේයි සිරුරු හමුවෙයි කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි සියාගේ හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 10 July 2021
බ්ලොක් ගලෙන් ආ මාරයා රියැදුරා ඩැහැගනී වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක බ්ලොග් ගල් කිහිපයක් වැටීමෙන් මෝටර් රථයක සිටි රියදුරෙකු රාත්‍රී මෝටර් රථය තුළදීම මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. 10 July 2021
සබරගමුවේ ප්‍රා.ලේ. අටකට ‘‘ඇම්බර්‘‘ නිවේදන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට නායයාමේ දෙවන (ඇම්බර්) මට්ටමේ පූර්ව අවදානම් නිවේදන අද දහවල් (10) නිකුත් කර ඇත. 10 July 2021
‘‘එක්ස්ප්‍රස්‘‘ කාර්ය මණ්ඩලයේ හත් දෙනාට ඇප එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට එම නෞකාවේ දේශීය සමාගමේ සේවකයන් හත් දෙනකු එක් අයෙකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා අද (10) නියෝග කළේය. 10 July 2021
පුත්තලම - කොළඹ මාර්ගයට ගසක් වැටේ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ වසර ගණාවක් පැරණි විශාල නුගගසක් කඩා වැටී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකර ඒකකය පවසයි. 10 July 2021
කොරෝනා එන්නත් ලොකුම තොගය හෙට දිවයිනට චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට හෙට(10) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 10 July 2021
ශ්රීලනිපය ජනපතිට ගතු කියන්න යයි ආණ්ඩුවෙන් සිදුවන බව කියන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත . 10 July 2021
ලිට්‍රො ගෑස්, ගෑස් ටර්මිනල් කෝප් කමිටුව හමුවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමටත් රජයේ විගණනයට යොමු කිරීමටත් කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. 10 July 2021
15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ ගායන ශිල්පියා 17 තෙක් රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව ලමා හා කාන්තා කාර්යංශය අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද 10 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ . 10 July 2021
පස් කඳු කඩා වැටීම නිසා හැටන් - කොළඹ මාර්ගය වහයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් , ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 10 July 2021
දන්ත වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස් සීමාවත් ඉහළට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අනිවාර්ය නිවාඩු ගැන්වීමේ වයස් සීමාවද 63 දක්වා දීර්ඝ කර ඇත 10 July 2021
පානදුර නිවෙස් වල කොරෝනා ආසාදිතයන් රැසක් පානදුර සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් රැසක් නිවෙස් වල සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. 10 July 2021
’’බලාපොරොත්තු වූ අරමුණු ඉටු වෙලා නෑ’’ ජනාධිපතිවරයා බලයට පත් කර කරගැනීමේදී බලාපොරොත්තුවූ අරමුණ තවමත් ඉටු නොවූණු තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,බතික්,අත්යන්ත්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය . 10 July 2021
ගිනිගත් නැවේ තිබූ ප්ලාස්ටික් ඇට නැවතත් වෙරළට ගිනි ගැනීමට ලක් වු එක්ස්ෆස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු හයක් සහ ප්ලාස්ටික් ඇට විශාල වශයෙන් නැවතත් මොරටුව,රත්මලාන,අඟුලාන වෙරළ තීරයට අද (10)උදෑසන ගොඩ ගසා තිබුණි. 10 July 2021
පානදුර රෝහල් භූමියේ තේක්ක ගසක් කඩා වැටී හානි රැසක් පානදුර රෝහල් භූමියේ තිබූ විශාල තේක්ක ගසක් කඩා වැටීමෙන් එහි තාප්පයකට , කොවීඩ් ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කරන ලද තාවකාලික ගොඩනැගිල්ලක වහලයට , ගාල් කර තිබූ ත්‍රීරෝද රථ තුනකට සහ විදුලි පද්ධතියට හානි සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 July 2021
මොඩර්නා එන්නත් ලක්ෂ 10ක් ලබන 15 වැනිදා දවයිනට ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් ලබන 15 වැනිදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය . 10 July 2021
පළාත් සංචරණ සීමා තවත් සති දෙකකින් දිගු කෙරේ: සීමා කීපයක් ඉවතට කොරෝනා පාලනය සඳහා පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 10 July 2021
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් තෙල්සංස්ථාවට කෝටි 5800ක පොල්ලක් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පන් දහස් අටසියයකට වැඩි මුදලක් ගෙවීමට ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 10 July 2021
රත්නපුරයටත් ගංවතුර කලුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් රත්නපුර සහ අවට ප්‍රදේශවල සුලු ගංවතුර තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. උදෑසන 08.30 වනවිට කලු ගඟේ ජල මට්ටම මීටර් 8.89ක් (අඩි 29ක්) විය. 10 July 2021
නල්ලතන්නිය-මස්කෙළිය මාර්ගය අවහිර වෙයි කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ, නල්ලතන්නිය “ මෝහිනී ඇල්ල” ප්‍රදේශයේ විශාල පස් කන්දක් අද (10) අළුයම කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. 10 July 2021
නිරෝධායනය කැඩූ තවත් 234ක් අමාරුවේ වැටේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 234 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 July 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026