පාපැදියෙන් ගෙදර යති රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පාපැදි ගමනාගමනය සඳහා යොදාගැනීම මේ වන විට සීඝ්රයෙන් ඉහළ යමින් තිබේ. 27 June 2022
ටෝකන් එකට ඉන්ධන දෙයි ටෝකන් පත්රවලට ඉන්ධන නිකුත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බණ්ඩාරගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලැබුණු ඉන්ධන තොගය පාරිභෝගිකයන් වෙත ටොකන් පත් ක්‍රමයට බෙදා දීම සාර්ථකව සිදු කෙරිණි. 27 June 2022
ඉන්ධන හුටපටයෙන් තරුණයාට පිහි පහර මතුගම IOC ඉන්ධන පිරවුම් හලේ අද පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු අයුධයකින් පහරකෑමට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කළ බව මතුගම පොලිසිය පවසයි. 27 June 2022
ඇමති පාඨලීට එරෙහි නඩුවේ විරෝධතාවලට දින දෙයි රාජගිරිය ප්‍රදේශයේ දී අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූලි මස 18 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද නියම කළේය. 27 June 2022
රජයේ සමස්ත ණය ඉහළට ශ්‍රී ලංකාවේ 2022 මාර්තු මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 21,696.6 ක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පේනවා දෙයි. 27 June 2022
හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 27 June 2022
විශ්ව විද්‍යාල නිති පිඨයේ ලියාපදිංචි වීමට ඇති අවස්ථාව විශ්ව විද්‍යාල නිති පිඨයේ ලියාපදිංචි වීමට ඇති අවස්ථාව ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචිය හේතුවෙන් අහිමි කිරීම නිසා ශිෂ්‍යයකුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට විශ්ව විද්‍යාල ප්රතිපදාන කොමිසම නියෝග කළේය. 27 June 2022
විදුලි බිල සියයට 57කින් ඉහළට? විදුලි ගාස්තුව සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැති ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය. 27 June 2022
අධ්‍යාපනයේ වැඩ බලන්න බන්දුලට පවරයි වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය. 27 June 2022
විරෝධතාකරුවෝ බලශක්ති අමාත්‍ය ලේකම් සිරකරති ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (27) පස්වරුවේ පැවැත්වූහ. 27 June 2022
රඹුක්කන එස්.එස්.පීගේ ඇප දීම නීතිපති විරුද්ධයි රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීමට විරුද්ධ බව නිතිපතිවරයා අභියාචනාධිකරණයට අද (27) දැනුම් දුන්නේය. 27 June 2022
බයිඩ්න්ගෙන් ගෝඨාභයට පණිවිඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහය දෙන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (27) පොරොන්දු වූහ. 27 June 2022
‘කැවුමා’ පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 70 ක් වටිනා දියමන්තියක් මංකොල්ල කෑමේ සිද්ධියට අදාළ දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික නොහොත් ‘කැවුමා’ නමැති ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ඇතුළු පාතාල ක්රියාකාරිකයන් සිව්දෙනකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කළ බව නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට කරුණු වාර්තා කර ඇත. 27 June 2022
තාක්ෂණ කාර්මික සිසුන් විරෝධයේ අරුප්පොළ තාක්ෂණ කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයාට මැර කණ්ඩායමක් පහර දීමේ සිද්ධියට නිසි විනය ක්‍රියාමාර්ග නොගත්තා යැයි පවසමින් එම කාර්මික විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ගුරුවරු ඇතුළු දහසකට අධික පිරිසක් අරුප්පොළ සිට පෙළපාලියකින් පැමිණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ. 27 June 2022
ඉන්ධන ලෙල්ලටම හිදෙයි ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
පිරිසක් ඉන්ධන ‘ටෝකන්’ එකට විරුද්ධයි ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාගැනීමේ ‘ටෝකන්’ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට දැඩි විරෝධය පළකරන බවත් මෙම ‘ටෝකන්’ ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
ඉන්ධන අර්බුදයෙන් සත්ව ගොවිපොළවල් හාන්සියි ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල්වල සතුන් ඉන්ධන සහ ආහාර අර්බුදය හමුවේ නඩත්තු කිරීමත් එම ගොවිපොළවල් පවත්වාගෙන යෑමත් ඉතා දුෂ්කරවී ඇතැයි එහි සභාපති මහාචාර්ය මංජුල සුමිත් මහගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 27 June 2022
කංචන - නසීර් කටාර් යති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය. 27 June 2022
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,සී.අයි.ඩීයට ප්‍රදානයක් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා පරිගණක,පරිගණක උපාංග,කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ යතුරු පැදි ප්රදානය කළේය. 27 June 2022
දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට විසිකරයි අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුද යකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපත තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. 27 June 2022
පාතාල ක්‍රියාකරුගේ සිරුරු කාමරයෙන් හමු වේ හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොටදයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී අද සොයාගත් බව මහරගම පොලිසිය කියයි. 27 June 2022
හෙදියක පමණ නොව නුඹ දිරිමත් මවකි ඉන්ධන හිඟය අභියෝගයට ලක් කරමින් කිලෝමීටර 20 - 25 ක් පමණ දුර ගෙවා බයිසිකලයෙන් පදවිය මූලික රෝහලට පැමිණි හෙදියක, අහම්බෙන් අපට අද පෙරවරුවේ හමු විය. 27 June 2022
ඇමෙරිකා දූත පිරිස ජනපති හමුවේ ඇමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය,ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(27) පැවැත්විණ. 27 June 2022
තෙල් ඉල්ලන්න ඇමැති සුසිල් රුසියාවට ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ. 27 June 2022
ඇමෙරිකා දූත පිරිස අගමැති හමුවේ මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සඳහා සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද පැවසීය. 27 June 2022
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන අවදානමේ කොළඹ සිට මාතර දක්වා දිවෙන මොරටුව,පානදුර වාද්දුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ස්ථාන 76 රේල් පීලි දිරාපත්ව අබලන් තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු අනාවරණය කරගෙන ඇත. 27 June 2022
ගෑස්, බොරතෙල් කැණීමට මාර්ග සිතියමක් හදන්න මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම සඳහා සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් මාර්ග සිතියමක් කඩිනමින් සකස් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 June 2022
‘‘බෙහෙත් නෑ පරිස්සම් වෙන්න‘‘ පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 27 June 2022
සහල් ගැන ඇමතිගෙන් සහතිකයක් ඉදිරියේදී සහල් මිල තව අඩු වීමට හැකියාව තිබෙන බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 June 2022
ඕස්ට්‍රේලියා යන්න ගිය 54ක් නාවික හමුදා දැලේ බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස ඕස්ට්රේරලියාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව මුහුදු ප්‍රදේශයේ ඊයේ (26) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. 27 June 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026