කොටුව විරෝධය අවසන් ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධය දක්වමින් රාජ්‍ය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කළ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය අද (8) මධ්‍යහනයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 08 February 2023
‘ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදය හෙට-අනිද්දා‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට(9) සහ අනිද්දා (10) පැවැත්වේ. 08 February 2023
‘රාජාසන කතාව පක්ෂ පහක් වර්ජනය කරයි‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ පහක මන්ත්‍රීවරු අද (8) වර්ජනය කළහ. 08 February 2023
කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා මෙරට ප්‍රධානතම සහ පිරිස් බලයෙන් වැඩිම වෘත්තිය සමිතිවලින් සමන්විත වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ කොටුවේ දැන් පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින බව වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය. 08 February 2023
කොටුවට යුද හමුදාව කැඳවයි වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත. 08 February 2023
කොළඹ මාර්ග කිහිපයක් වහයි ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. 08 February 2023
‘සිව් දෙසටම ඩයලොග්’ මඩොල්සිමට නව කුලුනක් ශ්‍රී ලංකාව පුරා පිහිටි අතිදුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීමේ අදිටනින් යුතුව ඩයලොග් සමාගම ‘සිව් දෙනටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයට නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේය. 08 February 2023
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය. 08 February 2023
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි 08 February 2023
‘අනුරට ජනපති වීම හීනයක්‘ අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 February 2023
අතට දුන් බත්පත කටට දමා ගන්න බැරි වෙයි ගොවීන්ට සහන සැලසීමක් ලෙස ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 08 February 2023
බණ්ඩාරගම නිවෙසක් කෙල්ල කයි බණ්ඩාරගම ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු හයදෙනකු නිවැසි යුවළ ද බැඳ දමා හාල්, සීනි , බිස්කට්, විදුලි උපකරණ හා රන් භාණ්ඩ ඇතුළු දේපල රැසක් කොල්ලකා පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 08 February 2023
‘රට අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ‘ රට අරාජික කරන්නට ඉඩ ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
විදේශ සංචිත ඩොලර් මිලියන 500කට වැඩි වුණා විදේශ සංචිතය ඇමරිකා ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකි වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
බදු අහෝසි කරන්න හැකියාවක් නෑ බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය. 08 February 2023
සොරකම් කළ වත්කම් අය කරගන්න පනතක් සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
පෙම් හසුන් හබයකින් මල්ලී අයියා මරයි පෙම් හසුනක් හුවමාරුවීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වු ගැටුමකදී මාළු කපන මන්නයකින් ගෙළ කපා සිය වැඩිමල් සොහොයුරා ඝාතනය කළැයි සැක පිට කළුතර පලාතොට ප්‍රදේශයේ දී මිය ගිය අයගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි . 08 February 2023
ජනපති පාර්ලිමේන්තුවට එයි නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. 08 February 2023
තැනින් තැනට අදත් පොඩි වැස්සක් නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (8) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 February 2023
නඩු බඩු නැති වුණාට ලිපිකරු අල්ලයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ හැට අටකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එහි නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස කටයුතු කළ අධිකරණ ලිපිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 February 2023
මැතිසබය විවෘත කිරීම අද උදේ ජනපති අතින් නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද ( 8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. 08 February 2023
මන්ත්‍රී අමරකීර්ති ඝාතනට සැක අයෙකු පිළිකාවකින් මරුට පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 08 February 2023
හිඟ මුදල් ඉල්ලා පුනර්ජනනීය බලශක්ති බලාගාරවල බිලියන 45 හිඟ මුදල් වහ ගෙවන ලෙස ඉල්ලා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07)බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට පැවැත් පැවැත්විය. 07 February 2023
කුඩ්ඩාගෙන් පී.සීට පිහිපහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ කොල්ලකරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළේ යැයි කියන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට බව කටාන පොලිසිය පවසයි. 07 February 2023
රනිල් -මූන් ඉදිරියේ අලුත් ගිවිසුමකට අත්සන් කරයි දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට අදාල නව ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළේය. 07 February 2023
පොලිස් වෙස් ගෙන නිවසක් කොල්ල කාලා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නාත්තණ්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් හිමි වැවිලිකරුවකු ගේ නිවසට කඩා වැදුණු ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකා ඔහුට අයත් මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි මාරවිල මූලස්ථානපොලීසිය පවසයි. 07 February 2023
රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය පී.සීලා ගෙදර පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 7 වැනිදා පැවසීය. 07 February 2023
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අධ්යක්ෂ මණ්ඩලයට සිතාසි හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ආයතනයේ අධ්යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි නිකුත් කර ඇත. 07 February 2023
ලංවිම මූලස්ථානය ඉදිරිපිට ඉංජිනේරුවෝ විරෝධතාවක පුනර්ජණනීය බලශක්ති කර්මානත කරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 4500 ක මුදල ලබා දෙන්නැයි බල කරමින් ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටදී අද (7) රාත්‍රිෙය් පන්දම් දල්වා විරෝධතාවක නිරතවූහ. 07 February 2023
කොරියානු ප්‍රවීණතා පරීක්ෂණයට අයදුම්පත් කැඳවීම 13 දා සිට දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ මස 13 වැනිදා සිට 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 February 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026