ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියෝ කටයුතු කළහ.
එමා එඩ්වර්ඩ්ස් කුඩා කළ සිටම ඇයගේ හොඳම මිතුරා වන 10 හැවිරිදි ඩැනියෙල් මාෂල්ර් සමග විවාහ වීමට සිහින මවා ඇත.
එමාට ජීවත්වීමට වැඩි කාලයක් නොමැති වීම හේතුවෙන් ඇයගේ මාපියන් එමාගේ සිහිනය සැබෑ කර දීමට පසුගිය දා කටයුතු කර තිබිණ.
ඒ අනුව එමා එඩ්වර්ඩ්ස් සහ ඩැනියෙල් මාර්ෂල් ක්‍රිස්ටෝෆර් විවාහ ගිවිසගෙන ඇති අතර විවාහ ගිවිස ගැනීමෙන් දින 12 කට පසුව එමා අවාසනාවන්ත ලෙස මිය ගියාය.
එමාගේ මාපියන් පවසා ඇත්තේ තම දියණිය ලියුකේමියා රෝගය පාරද කරා වී යැයි තමන් බලාපොරොත්තු වූවත් ඇයට එය කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවයි.
ඒ හේතුවෙන් ඇයගේ ජීවිතයේ තිබූ එකම සිහිනය සැබෑ කර දීමට කටයුතු කළ බව එමාගේ දෙමාපියන් පවසා ඇත.
595
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මැරෙන්න පෙර හරි යයි
pakeer Wednesday, 09 August 2023 02:21 PM
හරිම දුක් සහිත ප්‍රවෘත්තියක්...!
කිරිපුා Wednesday, 09 August 2023 02:43 PM
පෘතග්ජන සිතුවිලි මේවා තමයි.
Kodi Wednesday, 09 August 2023 07:15 PM
මියගිය දරුවා වෙනුවෙන් ජීවත්ව සිටින දරුවා මරා දැමීම නොවේද මේ සිදුව ඇත්තේ.ඔහු ලාබාල වයසේම වැඩිහිටියෙකු කර ඇත
C.K.Lankaputhra Wednesday, 09 August 2023 07:36 PM
සත්තකින්ම ශෝක ජනකයි. දයාබර දුවේ! මතු කිසිම ආත්මයකදීවත් ඔබ මෙවැනි ඉරනමකට ගොදුරු නොවේවා.
Bunny Preena Thursday, 10 August 2023 09:41 AM
දුකේදී සහ සැපේදී, නොබිදුනු, අත් නොහෙරුනු මිතුදම. හද කම්පා කරවන පුවතක්. කෙසේ හෝ ඇයගෙ ආශාව ඉටු කිරීමට දෙපස දෙමවුපියන් කටයුතු කිරීම සතුට දනව කරුනක්. මරනය අපි කාටත් පොදු දෙයදෙ.
Nimal Thursday, 10 August 2023 02:08 PM
මෙවන් දියනියකට අත්වෙන ඉරනම පිලිබද හදවත් උනු නොවන්නෙ කාගෙද?